ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?

අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල් පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා පවුලේ එකඟතාවය මත ජනාධිපතිවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබා දෙමින් තිබෙන බවය.

මේ අනුව දිනේෂ් ගුණවර්ධන, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම සහ මෛත්‍රිපාල සිරිසේන යන අයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්න ජනාධිපතිවරයා පොරොන්දුවී ඇතැයි ඒ මහතා පැවසීය.

මෙම බොරු පොරොන්දු අනාවරණය වීම නිසා මේ වනවිට රාජපක්ෂවරුන්ගේ කූඨ සැලසුම් හෙළිවී ඇතැයිද ඒ අනුව එලබෙන 04 දා පාර්ලිමේන්තුව ආරම්භ කළවිට ආණ්ඩුවට බහුතරය නොමැති බව රටට දැනගන්නට ලැබෙනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම