ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..

වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙන අතර හෙට 8 වෙනි අගහරුවාදා පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රීලනීප නායකත්වය තීරණයකට එනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ශ්‍රීලනීප ආසන සංවිධායකවරුන් තම කැමැත්ත මෙසේ පළ කළත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මේ උචිත අවස්ථාව නොවෙන බවයි.

ශ්‍රීලනීප ප්‍රධානියා සහ විපක්ෂ ප්‍රබලයින්ගේ සාකච්ඡාවකදී වර්තමාන ආණ්ඩුව බිඳ නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අගමැති ධුරය තමන්ට හිමි විය යුතුයැයි මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇතැයිද එයට විපක්ෂ ප්‍රබලයින්ගේ අනුමැතිය හිමිවී නැතැයිද වර්තා වෙයි.

Social Sharing
නවතම