අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රීලනිප යෝජනා සාකච්ඡා කිරීමට නියමිත බව අද පෙරවරුවේ එම පක්ෂමුලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේය.