දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ.

ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ලිපියකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා දැනුවත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බැවින් ඔහුට ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස කටයුතු කළ නොහැකි බව එම ලිපියේ සඳහන් වේ.

ජයසේකර මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනා කිහිපයක් මත ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එහි වැඩිදුරටත් සඳහන්.

පක්‍ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කර පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ලිපියක් ලැබී ඇති බව දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ද තහවුරු කර ඇත.

මේ අතර මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත් කර තිබෙනවා.

Social Sharing
නවතම පුවත්