මට ෂුවර් සුසිල්ට තියපු අත ලංසට තියන්නේ නෑ

සුසිල් ප්‍රේමජයන්ත පොළේ ගොස් ආණ්ඩුව විවේචනය කළ පමණින් ඔහුව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් සුසිල්ට දවස් තුනකට කළින් ආණ්ඩුව විවේචනය කරමින් හයේ පහරවල් දෙකක් ගැසූ නිමල් ලංසා අමාත්‍ය ධුරයෙන් නෙරපන්නේ නැති බව තමන්ට ෂුවර් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව ගොවියා සහ කෘෂිකර්මය නැත්තටම නැතිකර කුඩුපට්ටම් කර දැමූ බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා තනතුරින් පහකළත් ගෑස් අනතුරු නිසා ලිට්‍රෝ සභාපතිට තියා අධ්‍යක්ෂ මණ්ඩලයටවත් ඉවත්වෙන්න යැයි ජනපති නොකී බව ප්‍රකාශ කළේය. නිමල් ලංසා ආණ්ඩුව විවේචනය කළත් ජනාධිපති ඔහු සම්බන්ධයෙන් පියවර නොගන්නේ ඔහු බොහෝ දේවල් දන්න නිසා යැයි ප්‍රකාශ කළ ඒ මහතා 69 ලක්ෂයක් ඡන්දය පොහොට්ටුවේ ඡන්ද පමණක් නොවෙන බව මතක තබාගත යුතුයැයි ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම