චීන තානාපති කී සෙන් හොංග් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවසේදී හමුවෙමින් චීන ජනාධිපති ෂී ජිං පිං ගේ අලුත් අවුරුදු සුබ පැතුම හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත.
මෙම හමුවේදී චීන තානාපති සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පැවතී ඇති අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල අනාගතය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ලැබේ.
පොහොර ප්‍රශ්නයත් සමග චීන රජය සහ වර්තමාන ආන්ඩුව අතර යම් මතබේදකාරී තත්ත්වයක් උද්ගත්ව ඇති අතර එවැනි අවස්ථාවක මෙම හමුව සුවිශේෂ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.