කැබිනට් වෙනසට කළින් ශ්‍රීලනීපය විපක්ෂයට…

හෙට අනිද්දාට කරන්නට යනවා කියන කැබිනට් මණ්ඩල සංශෝධනයට ප්‍රථම ශ්‍රීලනීපය නිළවශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ශ්‍රීලනීපයේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනා සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා ඇමති තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැතිරයන කටකතා පිළිබඳව එම පක්ෂයේ ජේෂ්ඨයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම තත්ත්වය පිළිබඳව ශ්‍රීලනීප නායකයාගේ අවධානය යොමුවී ඇති බවයි.  මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න වැනි අයගේ අදහස වී ඇත්තේ කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමීමට ප්‍රථම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම ශ්‍රීලනීපයට වාසිදායක බව යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් කැබිනට් සංශෝධනයට ප්‍රථම ශ්‍රීලනීපයේ 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වෙනු ඇති බවත් ඒ සමග ආණ්ඩුව සමග සිටින තවත් පිරිස් ශ්‍රීලනීපය සමග එකතුව විපක්ෂයට යාමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

විපක්ෂ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලාපොරොත්තුවක් තිබෙන්නේ දැයි අයිතිය වෙබ් අඩවිය එම ප්‍රකාශකයාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග හිටපු ජනාධිපතිවරයාට සහයෝගයෙන් කටයුතු කළ හැකි වෙනු ඇති බවයි.

Social Sharing
නවතම