රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ. ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. මෙම වැඩවර්ජනයේ විශේෂත්වය වන්නේ ඇඟලුම් කම්හල් ද සිය හාම්පුතාලාගේ ඉල්ලීම මත වැඩ වර්ජනයට එකතුවී සිටීම නිසාය. ඒ අනුව රාජ්‍ය අංශයට අමතරව පුද්ගලික අංශය උද්යෝගයෙන් වැඩවර්ජනයට එකතුව සිටී. මෙම වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති වෘත්තිය සමිති ද එක්ව සිටින බව, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසී ය. එසේම දුම්රිය සේවකයින් පිරිසක් ද වැඩ වර්ජනයට එක්ව සිටින අතර දුම්රිය පාලකවරුන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ…
Read MoreTag: gmoa news
දොස්තර සංගමයත් සටන් මගට!
දීර්ඝ කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඈත් ව සිටි දිවයිනේ ප්‍රධානතම වෛද්‍ය සංගමය සිය ආණ්ඩු හිතවාදී සභාපතිවරයාගේ නිල නායකත්වයට තහනමක් වැටීමෙන් පසු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනට බැස තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ දෙසැම්බර් 20 වැනි සදුදා උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදයක් මුල් කරගනිමිනි. මෙම වර්ජනය GMOA විසින් වර්තමාන ආණ්ඩුවට වෘත්තීය ක්රියාමාර්ගයකින් අභියෝග කරන ලද පළමු අවස්ථාව ලෙස සැලකේ. වර්ජනය දියත් කෙරුනේ රාජපක්ෂ පාලනය බලයට පත් කිරීමට වෙහෙසුනු…
Read Moreමුලතිව් වෛද්‍ය හිඟය ගැන GMOA අනතුරු අඟවයි!
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ පවතින දැඩි වෛද්‍ය හිඟයට සති දෙකක කාලයක් තුළ විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය අනතුරු අඟවා තිබේ. මුලතිව් රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් වුවද එම දිස්ත්‍රික්කයේ රෝගී ප්‍රතිකාර ලබා දීම සඳහා මේ වන විට එහි සේවයේ යෙදී සිටිනුයේ වැඩබලන විශේෂඥ වෛද්‍යවරු 7 දෙනෙක් සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 42 ක් පමණක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ එම රෝහලේ සේවාව සඳහා කිසිදු ශල්‍ය වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය…
Read Moreවෘත්තීය සමිති වලට යකා නටන්න එපා යැයි උපදෙස් දෙන GMOA නටන්නේ මොන නාඩගමද? – දුලාන් දසනායක
අතීතයේ සෞඛ්‍ය කෙසේ වෙතත්, රටේ ඕනෑම ප්‍රශ්නයකදී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගිනිකෙළි සංදර්ශන පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් වරම නින්දෙන් ඇහරෙමින් ගිනිකෙළි සෙල්ලමක් ආරම්භ කර ඇත. නමුත් ඒ ආණ්ඩුවට එරෙහිව නොව වෘත්තීය සමති වලට එරෙහිවය. ඕනෑම මාධ්‍ය සාකච්ඡාවකදී එය පවත්වන අය ආණ්ඩුවෙන් ගේම ඉල්ලන්නේ නම් එය පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවන් තුළදී වසංගතයේ ඔඩු දිවීම පිළිබදව ආණ්ඩුවට එල්ල කරන ලද විරෝධය පැහැදිලිව දැකිය හැක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවසානයට පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් වුවද වඩා ඉස්මතු වන්නේ වෘත්තීය…
Read Moreඅධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා හදිසි මරණ පරික්ෂකවරුන්ට ගැටලු!
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා මරණ පරික්ෂකවරුන්ට සිය වෘත්තිමය කටයුතු නිවැරදි අන්දමින් සිදුකිරීමේදි බරපතල ගැටළු ඇතිවී තිබෙනා බව ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරාධපුර හිටපු නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම් කුලසේකර මහතා පවසයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා මාධ්‍යට ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරින් ඒ මහතාගේ නියෝග වලට පශ්චාත් මරණ පරික්ෂණ නොකිරීම නිසා ඇතිවි තිබෙන ගැටුම්කාර තත්වය හේතුවෙන් ජනතාව පවත්ව සිටින අපහසුතාව පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් හිටපු සභාපති එච්.එම් කුලසේකර මහතා (17දා) මේ බව පැවසුවේය. එහිදී…
Read Moreබෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA
අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත පසුගියදා යොමුකර තිබුණු බවය. ඒ අනුව මේ සඳහා මුදල් අමාත්‍යංශයේ බළධාරීන් එකඟතාවය පළකර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ එළවලු ටික හරියට බෙදාහරින්න බැරි, විශ්‍රාම වැටුප, ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන්…
Read Moreඑදා සිටි හාම්පුතුන් යළි බලයට ගෙන ඒමේ උත්සහයක් – GMOA
එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. මේ වන විට වෛද්‍යවරු රුපියල් 70,000- 80,000 ක් අනුමත කරගෙන ඇති බව ඔවුන් පවසන බවත් නමුත් ඇත්තටම මේ මුදල වෛද්‍යවරුද ඔවුන්ද අනුමත කරගෙන ඇත්තේ කියා සොයා බැලිය යුතු බවද ඔහු පවසයි. දිවා රෑ වෙහෙස වී කොවිඩ් සමඟ සෘජුව වැඩ කරන වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් වශයෙන්…
Read Moreපාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!
දින හතලිස් පහක් ගත වූ ගොයමටත් පොහොර කඳුලක් වත් නොලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණනක් තිබෙන බවත් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 250 ක පමණ හිඟයක් පොලොන්නරුවට තිබෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය හා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්. අරුණ කීර්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ව්‍යාපාරය හැර සෙසු මහා වාරි ව්‍යාපාරවල බණ්ඩි ගොයමට සිදුවෙමින් පවතින හානිය ගැන (13 )පරාක්‍රම සමුද්‍ර කුඹුරු යායේ දී පැවති මාධ්‍යහමුවක දීය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධාන සභාපතිවරයා මෙසේ ද…
Read Moreරෝහල් වල ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වෙලා! – GMOA අනතුරු අඟවයි.
දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ වෙන විට මෙරට රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 800ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය සතියට සාපේක්ෂව ක්‍රමිකව ඉහළ යාමක් බවය. මැයි මාසයේදී දකුණු ආසියානු කලාපයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයින් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටි අතර සාමාන්‍යයෙන් ගත් විට එය 400% ක ඉහළ…
Read Moreඑන්නත්කරණයේ බිස්නස් එක!
මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. එම නිසා සිදුවන සෑම මරණයකටම,සෑම ආසදිතයෙකුටම ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලකයින් වගකිව යුතු බවද ඔහු කියා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත් විශාල ප්‍රමාණයක් වෙන් කරගෙන සාමාජිකයින්ට පවසා ඇත්තේ සාමාජික මුදල් ගෙවා එන්නත ලබා ගන්නා ලෙසට බවත් ඒ මහතා පෙන්වා දෙන්නේ සාමාජිකයින්ට මේ එන්නත සීමාවක් නොමැතිව ලබා දුන් බවය. මේ ගැන සෞඛ්‍ය ක්ෂෙත්රයේ අනික් අංශ…
Read More