නඩු ප්‍රමාදය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කරයි…

අධිකරණයේ විභාග වන නඩු වසර ගණනක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම විමර්ශණය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස දෙකක් ඇතුළත නඩු විභාගයක් අවසන් කළ යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයටද වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතැයි ද තවම ඒ සම්බන්ධ තීන්දුව ලබාදී නැතැයි ද ඒ මහතා අවධාරණය කර තිබිණි.

පසුගිය පෙබරවාරි මාසයේ දි සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දරණ සමථ මණ්ඩල(සංශෝධන) පනත පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නඩු ප්‍රමාදය වැළැක්වීමේ එක් ක්‍රමවේදයක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ව්‍යාප්ත කිරීම සාර්ථක වී ඇතැයි අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

සමථ මණ්ඩල ක්‍රමයේ සිදු කළ විවිධ ප්‍රතිසංස්කරණ හරහා මේ වන විට නඩු විසඳීමේ ප්‍රතිශතය 70%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ද ඇමැතිවරයා කීය. එහිදී ඇමැතිවරයා සඳහන් කළේ අධිකරණය පිළිබඳ විශ්වාසය අඩුවීමට එක් හේතුවක් වන්නේ අධිකරණයන්හි සිදුවන නඩු ප්‍රමාදවීම බවයි.

Social Sharing
නවතම පුවත්