බෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට අදාලව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත පසුගියදා යොමුකර තිබුණු බවය. ඒ අනුව  මේ සඳහා මුදල් අමාත්‍යංශයේ බළධාරීන් එකඟතාවය පළකර තිබේ.

dr prasad colombage government medical officers association GMOA

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඒ  එළවලු ටික හරියට බෙදාහරින්න බැරි, විශ්‍රාම වැටුප, ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම ලැජ්ජා සහගත කරුණක් බවය.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් බවය. කොවිඩ් රෝගය නිසා දිනකට අසන්න වශයෙන් 50 දෙනෙකු පමණ මියයන, එමෙන්ම එක දිගට රෝගීන් වාර්තා වන තත්ත්වයක මෙම රෝගයේ වැළකී  සිටීම සඳහා ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබියදි ප්‍රතිශක්තිකරණය හීන කරන මත් ද්‍රව්‍ය ඔන්ලයින් හරහා ජනතාව  අතට ලබා දීමට ගෙන ඇති තීරණය ගැන කණගාටුවට කරුණක් බව ඔහු කියා සිටියි.

එසේම සංචරණ කාල සීමා තුල නිවසටම මත්පැන් ලැබීම ගෘහස්ත හිංසනය වැඩි කරන කාරණයක් ද විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මෙවැනි තීරණයක් ක්‍රියාත්මක වීමෙන් සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළුව මහජනතාවද දැඩි අපහසුතාවකට පත්වන බවය.

 

 

 

 

-ශානි-

Social Sharing
නවතම