සාහිත්‍යය යනු කුමක්ද?

ජීන් පෝල් සාත්‍රේ යනු කීර්තිමත් දාර්ශනිකයෙකු, නාට්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකි. සාත්‍රේ සිය “සාහිත්‍යය යනු කුමක්ද?” යන නිබන්ධයෙන් සාහිත්‍යයේ අර්ථය සහ අරමුණ ගවේෂණය කරයි.

සාහිත්‍යය යනු අදහස් හෝ තොරතුරු සන්නිවේදනයට පමණක් සීමා නොවන නිසා එය අද්විතීය ප්‍රකාශන ආකෘතියක් බව සාත්‍රේ තර්ක කරයි. ඒ වෙනුවට සාහිත්‍යය යනු මනුෂ්‍ය අත්දැකීම්වල හරය ග්‍රහණය කර භාෂා භාවිතයෙන් එය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නාවූ කලාවකි. සාත්‍රේට අනුව, සාහිත්‍යය යනු අපගේ එදිනෙදා ජීවිතයේ සීමාවන් ඉක්මවා යන නව යථාර්ථයක් නිර්මාණය කිරීමේ මාධ්‍යයකි.

සාහිත්‍යයට සමාජ හා දේශපාලනික මානයක් තිබෙන බව ද සාත්‍රේ තර්ක කරයි. ඔහු යෝජනා කරන්නේ සාහිත්‍යය, සමාජය සමඟ මුහු වීමේ සහ පවතින යථා තත්ත්වයට අභියෝග කරන මාර්ගයක් බවයි. ලෝකයේ විකල්ප දෘෂ්ඨි ඉදිරිපත් කිරීමෙන්, සාහිත්‍යයට වෙනසක් ඇති කිරීමටත් සමාජයේ ප්‍රගමනයට අනුග්‍රාහකත්වය දැක්වීමටත් බලය ඇත.

සාහිත්‍යය නිසගයෙන්ම මනෝමූලික බව සාත්‍රේ සටහන් කරයි. සෑම පාඨකයෙක්ම තමන්ගේම අත්දැකීම්, විශ්වාසයන් සහ වටිනාකම් සාහිත්‍ය කෘතියකට ගෙන එන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෑම අර්ථකථනයක්ම අද්විතීය වේ. මෙම ආත්මීයත්වය සාහිත්‍යයේ ශක්තියක් මෙන්ම දුර්වලතාවයක්ද වන්නේ එය විවිධ දෘෂ්ටිකෝණයන්ට ඉඩ සලසන නමුත් තනි, වෛෂයික අර්ථයක් ස්ථාපිත කිරීම අපහසු කරන බැවිනි.

සාත්‍රේගේ “සාහිත්‍යය යනු කුමක්ද?” නිබන්ධය අපගේ දෛනික අත්දැකීම් අතික්‍රමණය කර ගැඹුරු තලයක සමාජය සමඟ මුහු වීමට බලය ඇති කලා මාධ්‍යයක් ලෙස සාහිත්‍යයේ වැදගත්කම අවධාරණය කරයි.

English Literature පිටුවෙන්

-ගයාත්‍රී තන්තිරිවත්ත-

 

Social Sharing
අවකාශය නවතම