ශ්‍රී ලංකාව තුළ ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බවද ඒවා ලබාගැනීමට ඩොලර් නැති බවද එම නිසා මෙම අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට සහාය ලබාදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලිය වශයෙන් ඉල්ලීමක් කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම මස මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදුකරන බව දැනගන්නට ලැබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවී මෙම ආහාර අර්බුදය ගැන සාකච්ඡා කරමින් ඉල්ලා ඇත්තේ මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා සහාය දෙන ලෙසය.
Read MoreTag: current covid situation in sri lanka
අත්අඩංගුවට ගන්නේ පොහොට්ටු කණ්ඩායම් කියන විදියට
ඔමික්‍රෝන් හැමතැනම, සෞඛ්‍ය අංශ බිය පළ කරයි!
කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය සමාජයේ හැම අස්සකටම ව්‍යාප්ත වී ඇති බවද බොහෝ ප්‍රදේශවල වෛරස් උණක් සේ මෙය ව්‍යාප්ත වෙමින් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් දැවැන්ත කඩාවැටීමක සිටින පසුබිමක රට වසාදැමීමක් පිළිබඳව සිතාගන්නටවත් බැරිබව ප්‍රකාශ කරන එම ප්‍රකාශකයා, මෙම අර්බූදය තුළ කොවිඩ් ව්‍යාප්තිය පුංචි දෙයක් වී ඇතැයි ප්‍රකාශ කරයි. මේ අතර මෙම රෝග ව්‍යාප්තිය ගැන අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සඳහන් කරයි. රෝග…
Read Moreඔමික්‍රෝන් සුනාමියට අපේ රෝහල් බිලිවේද?
වේගයෙන් බෝවෙන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා දිවයින පුරා රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් ඇතැයි වාර්තා වෙයි අයිඩීඑච් උණ රෝහලේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර ඇත්තේ රෝහල මේවනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවය. පසුගිය සතිය තුළ රෝගීන්ගේ පැමිණීම 50%කින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඔහු ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය සමග මෙම තත්වය උදාවී ඇති බවයි.
Read Moreඔමික්‍රෝන් සුනාමිය ලංකාවටත් …!
ආසාදිතයන් 182කගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් එම සාම්පල 160ක ඔමික්‍රෝන් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‍යේෂනයකින් අනාවරණය වෙයි. මෙම නියැදිය අනුව ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනබව සමාජ මාධ්‍ය වාර්තා කරයි. මෙම අධ්‍යයනය අනුව රට පුරාම ඔමික්‍රෝන් සුනාමියක් සේ ව්‍යාප්ත වෙමින් ඇති බව සිතිය හැකියැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි. යුරෝපය තුළත් මේවනවිට මෙම කොවිඩ් ප්‍රබේදය සුනාමියක් සේ ව්‍යාප්තවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එය දැන් ලෝකය පුරාම හෙම්බිරිස්සාව සේ සාමාන්‍යකරණය වෙමින් ඇත.
Read Moreආයෙත් ලොව පුරා කොවිඩ් රැල්ලක්!
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රබේද නිසා වර්තමානයේ නැවතත් ලොව පුරාම දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ග්‍රෙබ්‍රියෙසස් අනතුරු අඟවයි. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට නැවතත් කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර යුරෝපයේ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්රංශයෙනි. එම සංඛ්‍යාව 208,000. මීට අමතරව යුරෝපයේ සෙසුරටවලද විශේෂයෙන් ඩෙන්මාර්කයේ, පෘතුගාලයේ, බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් ඇත. ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ලොව පුරා පර්යේෂණයේ නිරත විද්වතුන්ගේ මතය වී ඇත්තේ ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදය තරම් අසාධ්‍ය නොවුනද, එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉතාමත්ම සීඝ්රයෙන්…
Read Moreඔමික්‍රෝන් අඩපන කරන්න එන්නතක්
කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවිඩ් 19’ සඳහා…
Read Moreදොස්තර සංගමයත් සටන් මගට!
දීර්ඝ කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඈත් ව සිටි දිවයිනේ ප්‍රධානතම වෛද්‍ය සංගමය සිය ආණ්ඩු හිතවාදී සභාපතිවරයාගේ නිල නායකත්වයට තහනමක් වැටීමෙන් පසු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනට බැස තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ දෙසැම්බර් 20 වැනි සදුදා උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදයක් මුල් කරගනිමිනි. මෙම වර්ජනය GMOA විසින් වර්තමාන ආණ්ඩුවට වෘත්තීය ක්රියාමාර්ගයකින් අභියෝග කරන ලද පළමු අවස්ථාව ලෙස සැලකේ. වර්ජනය දියත් කෙරුනේ රාජපක්ෂ පාලනය බලයට පත් කිරීමට වෙහෙසුනු…
Read Moreඔමික්‍රෝන් පොකුරු පොකුරු මල් සැනකෙළි නොවෙන්න, නත්තල සමරන්න
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ සිකුරාදා (26) සිදුකළ නවතම නිවේදනය අනුව කොවිඩ් 19 වෙරසයේ නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනගෙන තිබේ. එම සංවිධානය පෙන්වා දෙන පරිදි දකුණු අප්‍රිකාවේ සහ ලොව පුරා සිටින පර්යේෂකයන් ඔමික්‍රෝන් පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අධ්‍යයනයන් සිදු කරමින් සිටින අතර එම අධ්‍යයනයන්ට සම්ප්‍රේෂණ හැකියාව, ආසාදනයේ බරපතලකම (රෝග ලක්ෂණ ඇතුළුව), එන්නත්වල ක්‍රියාකාරීත්වය සහ රෝග විනිශ්චය, පරීක්ෂණ සහ ප්‍රතිකාරවල සඵලතාවය පිළිබඳ තක්සේරු කිරීම් ඇතුළත් වේ. පසුගිය 2 වෙනිදා ජනාධිපති මාධ්‍ය කාර්යාංශයේ දී ‘ඔමික්‍රෝන්’ වෛරසය…
Read Moreකොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!
(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) – පුෂ්පා වීරසේකර 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය. සිපිරිගෙදර තාප්පයේ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝ’ යැයි ප්‍රසිද්ධ කර ඇතත් සිරගතව සිට කොරෝනා රෝගයට ගොදුරුවූ රැදවියන් පවසන්නේ තමන් රෝගීන් වුවද, රැඳවියන් වීම නිසා තමන්ට බන්ධනාගාරය තුළදී මනුෂ්‍ය සැලකුම් නොලැබුණ බවය. එසේම රෝගියෙකුට මුහුණදීමට අපහසු අමනුෂ්‍ය සැලකුම්වලට මුහුණදීමට සිදුවුණ බවය. අනුරාධපුර හා වාරියපොළ බන්ධනාගාරවල සිට එම අත්දැකීම්වලට මුහුණදුන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල තියුණුය. එයිනුත් කොරෝනා ආරම්භයේ සිටම ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර…
Read More