වෙළඳ කලාප සේවිකාවන්ට වැඩ බිමේදී සිදුවන ලිංගික හිංසනයන් නිසා ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය පවසයි.
වදහිංසනයට ලක් වන අය අතුරින් වඩාත් වදහිංසනයට ලක් වන්නේ නිදහස් වෙළඳ කලාප සේවිකාවන් බවත් කොවිඩ් වසංගතයේදී මෙන්ම, රැකියා බිමේදීත් ඔවුන් වදහිංසනයට ගොදුරු වෙමින් සිටින බව ඇය පවසයි.
ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය
විශේෂයෙන්ම මැෂිමක් කැඩුන විට එය සෑදීමට එන කාර්මික ශිල්පියාට ඇතැම් අවස්ථාවල බොහෝ අවස්ථා වල ලිංගික අල්ලස් දීමට සිදු වන බවත් නැතිනම් කාර්මික ශිල්පියා මැෂිම සකසන්නේ නැතුව යන බවත් පෙන්වා දෙන ඇය පවසන්නේ මේ නිසා ඇතැම් විට මැෂිම සෑදීමට යන වියදම සේවිකාවගේ වැටුපෙන් අය කර ගැනීමට කර්මාන්තශාලා ක්‍රීයා කරන බවය.
එමෙන්ම බෝඩිං කාමර වල වෙසෙන නිසා මොවුන්ට ඒ ප්‍රදේශ වල සහනාධාර ලබා දීමේදී කිසිදු සහානාධාරයක් නොලැබෙන බවත් විශේෂයෙන්ම මේ තත්ත්වය කොවිඩ් හා ගංවතුර ආදී අවස්ථාවල ඇති බවද චමිලා තුෂාරි මහත්මිය පවසයි.
අවම වශයෙන් මේ තත්ත්වය තුළ සි 190 සම්මුතිය සම්මත වී තිබුණානම් සේවිකාවන්ට එය ඉතාම වටිනා බවද ඇය පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ කාන්තාව එක් පැත්තකින් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට ලක්වෙලා තිබෙන බවත් අනෙක් පැත්තෙන් තමන්ගේ දරුවන් බලාගන්නා කර්මාන්ත ශාලාව තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් ඔවුන් තම දරුවන් රැකබලා ගැනීමේ ගැටළුවට මුහුණ දෙමින් ඇතැයිද අවධාරණය කරන ඇය පවසන්නේ මෙයට කර්මාන්ත ශාලා වල තිබෙන පීඩනයත් එක් වූ විට කාන්තාව මානසික ආතතියෙන් පීඩා විඳීම වැළැක්විය නොහැකි බවය.
ඔවුන්ට අවම වශයෙන් අයතනික මට්ටමෙන් සෞඛ්‍ය උපදේශන සේවාවක් හෝ නොමැතිකම බරපතල අඩුවක් බව ඇය වැඩිදුරටත් කියා සිටියි.
ඇය මේ බව සඳහන් කර සිටියේ වදහිංසනයට ලක් වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් පැවැත් වු වදහිංසාවද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් නම් සංවාදයේදීය. ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරීනී කුසුම් සිල්වා මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.
-ශානි-