ඔමික්‍රෝන් සුනාමියට අපේ රෝහල් බිලිවේද?

වේගයෙන් බෝවෙන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා දිවයින පුරා රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් ඇතැයි වාර්තා වෙයි

අයිඩීඑච් උණ රෝහලේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර ඇත්තේ රෝහල මේවනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවය. පසුගිය සතිය තුළ රෝගීන්ගේ පැමිණීම 50%කින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඔහු ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය සමග මෙම තත්වය උදාවී ඇති බවයි.

Social Sharing
නවතම