ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ පැවති යුධ වකවානුවේදී සිදුවූ බව කියන යුද අපරාධවලට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර එම පැමිණිල්ල ගොනුකරන ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) ප්‍රකාශ කරන්නේ 2009 සිවිල් යුද්ධයේදී ඔහු රටේ ආරක්ෂක ප්‍රධානියා ලෙස සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවයි.

මෙහිදී මෙම මානවහිමිකම් සංවිධානය ප්‍රකාශ කරන්නේ විශ්වීය අධිකරණ බලය මත පදනම්ව මෙම චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.

මීට ප්‍රථම ද ගෝඨාභය රාජපක්ෂ වෙත යුධ අපරාධ චෝදනා එල්ලවී ඇත. එහිදී ඔහු එම අපරාධ පිළිබඳව වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Social Sharing
නවතම පුවත්