ලංකාවට ආහාර, ඖෂධ දෙන්න

ශ්‍රී ලංකාව තුළ ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බවද ඒවා ලබාගැනීමට ඩොලර් නැති බවද එම නිසා මෙම අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට සහාය ලබාදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලිය වශයෙන් ඉල්ලීමක් කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම මස මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදුකරන බව දැනගන්නට ලැබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවී මෙම ආහාර අර්බුදය ගැන සාකච්ඡා කරමින් ඉල්ලා ඇත්තේ මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා සහාය දෙන ලෙසය.

Social Sharing
නවතම පුවත්