තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: බොර තෙල් මිල
ආයෙත් තෙල් නෑ
දැනට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලැබුණ නිසා තෙල් අර්බුදය තාවකාලිකව සමනය වුණත් තව සති දෙකකින් උග්‍ර ඛනිජ තෙල් අර්බුදයක් එන්නට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ සති දෙකකට ප්‍රමානවත් තෙල් තොග මෙරට මේවනවිට තිබෙන බවයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මෙ.ටො 18,825ක්, සුපර් ඩීසල් මෙ.ටො 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙ.ටො 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙ.ටො 13,067ක් සහ ගුවන් යානා ඉන්ධන මෙ.ටො 386ක් ඇති බව ඔහු…
Read Moreඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!
ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…
Read Moreබයික් රැලියට අවසර දුන් ඇමති, නාමල්ද?
සාමාන්‍ය ජනයා තෙල් පෝලිම්වල සිටින විට තෙල් බවුසර් ගණන් ගිලින එන්ජින් ධාරිතාවය විශාල යතුරු පැදි සේනාවක් සහ අති සුවපහසු ජීප් රථ සේනාවක් පොලිස් පෙරගමන් රථ සමගින් කොළඹ සිට කල්පිටිය දක්වා යතුරු පැදි රැලියක් පවත්වා ඇතැයි පසුගිය 17 දා සිරස රාත්‍රී ප්රවෘත්ති විකාශය වාර්ථා කළේය. මෙම අධිබල යතුරුපැදි සේනාවට යතුරු පැදි තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර ඔවුන්ට කල්පිටියට ගමන් කරන අතරතුරදී ජනතා විරෝධයන්ට මුහුණ දෙන්න සිදුවිය. එහිදී ජනතාව ප්‍රශ්න කළේ ලංකාවේ ධාවනයට අවසර නැති මෙවැනි බයික් ප්‍රැට්‍රල් නැති මේ කාලයේ පදින්නේ කෙසේදැයි කියාය. පොලිස්සිය ද මෙම අවස්ථාවේදී යතුරු පැදි…
Read Moreදෙන්නං කාසිවලට නං බෑ..!
15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක් නොතිබුණ බව පැහැදිලියි. නැත්තං වැඩේ කරන්න ඕනි තරං අවස්ථාව තිබුණා. ඇත්තටම ඔයාලා දන්නවා රටේ රාළ සජිත්ගේ දේශපාලනය එක්ක එකඟ නෑ කියලා. ඒකට හේතුව සජිත් ප්‍රේමදාසගේ පුතා වීම නං නෙවෙයි. සජිත් රටේ ජනවරම ගන්න හදන්නේ දෙන්නං කාසිවලට. ඒ කියන්නේ රටට කිසිම වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැතිව, රාජපක්ෂ විරෝධයෙන් විතරක් ගොඩයන්න හදන්නේ. එතන සජිත් සහ රටේ රාළ අතර…
Read Moreතෙල් නැව් 4ක් එන්නේ නෑ, ආයෙත් ඩීසල් හිඟයක්?
එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත් එය තව දින හතරකට උපරීම වශයෙන් ප්‍රමාණවත් වනු ඇති බවත් මෙම නැව් 4 පැමිණීම අවලංගු කිරීම මත නැවතත් ඩීසල් ප්‍රශ්නයක් පැනනඟින බවත් වාර්තා වේ. මේවනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව විසින් ඩීසල් යම් ප්‍රමානයක් නිපදවනු ලැබූවත් ඉදිරි කාලයේදි නැවතත් බොරතෙල් ලැබීමේ ප්‍රශ්නයක් උද්ගත බැවින් එම පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය ද ඉදිරියේ දී නවතිනු ඇත.
Read Moreසෙපෙට්කෝ තෙල් මිලත් ඉහළට, බස් ගාස්තු 60%කින් ඉහළට!
සෙපෙට්කෝ තෙල් අලවිසැල් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය තෙල් මිල ඉහළ දමා ඇත. එය මෙරට ඉතිහාසයේ තෙල් මිල ඉහළ දැමුණු වාර්තාගත වැඩිම අගයයි. මේ අනුව පෙට්‍රල් (92) රු.77කින් ද (නව මිල රු.254), පෙට්‍රල් (95) රු.76කින් ද (නව මිල රු.283), ඔටෝ ඩීසල් රු.55කින් ද (නව මිල රු.176), සුපර් ඩීසල් රු.95කින් ද (නව මිල රු.254) මිල ඉහළ දමා ඇත. මෙම මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල සහ සංස්ථා නව මිල අතර එතරම් වෙනසක් නැත. එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සාංස්ථාව ප්‍රකාශ කරන්නේ මේ මිල ඉහළ දැමීම ද තමන්ගේ…
Read Moreතෙල් සහ ඖෂධ මිල අහසට!
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් බවට පත්වී ඇත. මෙය එකවරකදී තෙල් මිල ඉහළට දැමුණු වැඩිම අගය වෙයි. තෙල් මිල මෙසේ ඉහළට යනවිට ඖෂධ මිල පාලනය ඖෂධ වෙළෙන්ඳන් අතට පත් කර ඇත. මේ පිළිබඳව මව්බිම පුවත්පතට අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඖෂධවල සිල්ලර මිල නියම කිරීමට ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට…
Read Moreපාන් ගෙඩියක් කාලත් හමාරයි..!
රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා දමා ඇතැයි ද සක්‍රීය තත්ත්වයේ තිබෙන බේකරි සතියකට දින 5ක් පමණක් වැඩ කරන බවද ප්‍රකාශ කරන එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන, පවත්නා මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් තව සතියක් යනවිට බේකරි සියල්ල වසාදැමීමට සිදුවෙනු ඇතැයි අනතුරු අඟවයි. තිරිඟු පිටි මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම සහ තිරිඟු පිටි, ගෑස්, තෙල්…
Read Moreපැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන
අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි. විදුලිය කපන වෙලාවන් සහ අදාළ කලාපයන් අන්තර්ගත සටහන යටින්.. ක්ලික් කරන්න 👇 විදුලිය කපන වෙලාවන්
Read More