සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!

මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ.

අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව වන අතර ඒ අනුව 3, 4 හෝ 5 සඳහන් වන්නේ නම් අද සහ ඉරිදා දිනවල ඉන්ධන ලබාගත හැකිය.

සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 6, 7, 8 සහ 9 ලෙස සටහන්ව ඇත්නම් පමණි.

අවසන් ඉලක්කම 0, 1 සහ 2 සහිත වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන්කර තිබේ.

ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන සැපයීම රුපියල් 1500 කට සීමා කර ඇති අතර, ත්‍රීරෝද රථ සඳහා එම සීමාව රුපියල් 2000 කි. තවද අනෙකුත් මෝටර් රථ සඳහා රුපියල් 7000 ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස අද(21) සිට ජාතික ඉන්ධන අවසර පත‍්‍රය හෙවත් QR ක‍්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

මෙම නියමු ව්‍යාපෘතිය දින 3 ක් ක්‍රියාත්මක අතර ලබන සඳුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

Social Sharing
නවතම