පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 

රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා දමා ඇතැයි ද සක්‍රීය තත්ත්වයේ තිබෙන බේකරි සතියකට දින 5ක් පමණක් වැඩ කරන බවද ප්‍රකාශ කරන එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන, පවත්නා මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් තව සතියක් යනවිට බේකරි සියල්ල වසාදැමීමට සිදුවෙනු ඇතැයි අනතුරු අඟවයි.

තිරිඟු පිටි මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම සහ තිරිඟු පිටි, ගෑස්, තෙල් හිඟය වැනි කරුණු නිසා ඉදිරියේදී පාන් ගෙඩියක් රුපියල් 100කටවත් විකිණිය යුතු යැයි ප්‍රකාශ කරන ඒ මහතා, එවැනි මිලකට අඩුවෙන් අලවිකරන පාන් නිසි බරෙන් යුතු විය නොහැකි බව ප්‍රකාශ කරයි.

වර්තමාන බේකරි හිමියන්ට බැංකු ණය වැනි දේවල් නිසා වස බොන්නට සිදුවී ඇතැයි ද මෙම ප්‍රශ්න රට වර්තමානයේ යන ආකාරය අනුව ඉක්මනින් නොවිසඳෙනු ඇතැයිද විශ්වාස බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම