බයික් රැලියට අවසර දුන් ඇමති, නාමල්ද?

සාමාන්‍ය ජනයා තෙල් පෝලිම්වල සිටින විට තෙල් බවුසර් ගණන් ගිලින එන්ජින් ධාරිතාවය විශාල යතුරු පැදි සේනාවක් සහ අති සුවපහසු ජීප් රථ සේනාවක් පොලිස් පෙරගමන් රථ සමගින් කොළඹ සිට කල්පිටිය දක්වා යතුරු පැදි රැලියක් පවත්වා ඇතැයි පසුගිය 17 දා සිරස රාත්‍රී ප්‍රවෘත්ති විකාශය වාර්ථා කළේය.

 

මෙම අධිබල යතුරුපැදි සේනාවට යතුරු පැදි තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර ඔවුන්ට කල්පිටියට ගමන් කරන අතරතුරදී ජනතා විරෝධයන්ට මුහුණ දෙන්න සිදුවිය. එහිදී ජනතාව ප්‍රශ්න කළේ ලංකාවේ ධාවනයට අවසර නැති මෙවැනි බයික් ප්‍රැට්‍රල් නැති මේ කාලයේ පදින්නේ කෙසේදැයි කියාය. පොලිස්සිය ද මෙම අවස්ථාවේදී යතුරු පැදි ධාවකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට අදාළ සවාරිය යන්නට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනු පෙනුනි.

මෙම යතුරු පැදි සේනාවට පිටුපසින් අති සුවපහසු ජීප් රථ ගමන් කළ අතර, එම ජීප් රථ ධාවනය කිරීම සඳහා අධික ඉන්ධන ප්‍රමානයක් වැයවෙන නිසා දෝ තෙල් බවුසරයක්ද මෙම සවාරිය සමග ගමන් කර ඇත. මෙම සවාරිය පිළිබඳව සිරස වාර්තා කළ පසුව සමාජ මාධ්‍ය මෙම සවාරිකාරයන් නාමල් රාජපක්ෂගේ හිතවතුන් සහ ආධාරකරුවන් බව ප්‍රචාරය කළේය. එම සමාජ මාධ්‍ය ප්‍රචාරයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ මෙම යතුරු පැදි සවාරියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවය.

Social Sharing
නවතම