
2025 වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ පළමු විසර්ජන පනත් කෙටුම්පත තුළ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කොට තිබුණි.
කෙසේ වෙතත් 2025 විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ මෙවර 2026 වසරේ විසර්ජන පනත් කෙටුම් පතේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ. එය 2024 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ ඉදිරිපත් කොට තිබු රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72%ක පමණ වැඩි වීමකි.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය 2025 විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව ව අඩු වී තිබේ.
කෙසේ නමුත් 2026 වසරේ විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමෙන් පසු ඉදිරියේදී සම්මත වීමට නියමිත අයවැයෙහි මෙම අගයන් වල සාපේක්ෂ සංශෝධන සිදුවිය හැකි අතර වැය ශීර්ෂයන් සම්බන්ධ සවිස්තාරත්මක තොරතුරු එම අවස්ථාවේදී දැක ගත හැකිවනු ඇත.
මුදල් අමාත්‍යංශයට රු. බිලියන 634ක්

මෙවර වැඩි ම මුදලක් වෙන් ව තිබෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යි.
එම මුදල රු. බිලියන 634.78කි.
දෙවනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ද , තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා ද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින් ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව තිබේ.
