
1968 හැදුවේ එවකට තිබූ විදුලි දෙපාර්තමේන්තුව සමඟ තවදුරටත් යා නොහැකියි, අපේක්ෂිත ඉල්ලක්ක ජයගන්න නම් ව්‍යවස්ථාපිත මණ්ඩලයකට යායුතුයි කියලා. ඒක ඉතා නිවැරදි තීරණයක්. 1995 වගේ වෙනකොට මණ්ඩලයෙන් අපේක්ෂිත වැඩේ බොහෝ දුරට හරි, දැන් මේක තවදුරටත් මෙහෙම යන්න බෑ, වාණිජ තේරුමෙන් වෙලඳපල තුලට ගේන්න ඕන, ඒ වෙනුවෙන් වෙන වෙනම ආයතන කීපයකට කඩන්න ඕන කියලා.
1996 වගේ ඉඳලා ඒ සැලැස්ම සෙමින් සෙමින් ක්‍රියාත්මක උනා ප්‍රධාන වශයෙන් විදුලි ජනනය (Generation) Gen Co විදියටත්, සම්ප්‍රේෂණය ( Transmission ) Trans Co විදියටත්, බෙදාහැරීම (Distribution ) Dis Co විදියටත්, සමාගම් ව්යහයකට යායුතුයි කියන එක තමයි ආණ්ඩු පැත්තෙන් ආවේ. සිරිත් පරිදි ඕනම තීරණයකට විරුද්ධවාදී වෙන ජවිපෙ ඕකට විරුද්ධ උනා.
කොහොම නමුත්, මුල්‍ය ව්‍යහය පරිපාලන ව්‍යහය හා අවශ්‍ය තාක්ෂණික වෙනස්කම් ක්‍රමක් ක්‍රමයෙන් කලා. ඒ අතරේ Lanka Electricity Company ( LECO) සහ Lanka Transformer Ltd. ( LTL ) ඉතා සාර්ථක අත්හදාබැලීම් උනා. බෙදාහැරීම් තවදුරටත් D1 D2 D3 සහ D4 විදියට නම්කරලා ගිණුම්කරණය හා තාක්ෂණිකව Boundary meters දාලා වැඩේ පිලියෙල කරමින් කාලයක් ක්‍රියාත්මක කලා. ඒ සෑම බෙදාහැරීම් ඒකකයකටම අසාධාරණයක් නොවෙන පරිදි ආදායම් ඉහල කොළඹ කොටසක් ලැබෙන විදියට කැඩුවේ දීර්ඝ අධ්‍යයනයකින්. උදාහරනයක් විදියට D4 කියන දකුණු පලාතට රත්මලානත් අහුවෙනවා, එතරම් ආදායම් නැති ගාල්ල මාතර ග්‍රාමීය ප්‍රදේශත් ඇතුලත් වෙනවා.
හරි , දැන් අපි “රනිල් – කාංචන “පනතත් දැන් ක්‍රියාත්මක කරන්න යන ” “අනුර – ජයකොඩි ” පනතත් කෙටියෙන් කතා කරමු.
කාංචන පනත හැදුනේ රනිල් වික්‍රමසිංහ සමස්ථයක් හැටියට රටට හදාපු මහා සැලැස්මේ බලශක්ති කොටස විදියට.
- ලංකාව වහාම US$ බිලියන 5-10 වගේප්රමාණයක සෘජු ආයෝජන සොයාගත යුතුයි.
- කලාපයේ අනෙක් රටවල් සමඟ බලනවිට ඉතා ඉහල අගයක තිබෙන ලංකාවේ විදුලි ඒකකයක මිල වහාම බංගලිදේශය ට වියට්නාමයට හෝ ලාඕසයට වඩා අඩුකරන්න බැරිනම් සම කරන්නේවත් නැතුව මෙලෝ කර්මාන්තයක් ආයෝජකයෙක් ගේන්න බෑ.
- ලංකාවේ තිබෙන ස්වාභාවික ප්‍රභව ( සුලං හා සූර්ය ) උපරිමලෙස විදුලි ජනනයට යොදාගැනීම.
ඒ වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් ප්‍රාග්ධන වියදම් විදියට අවශ්‍යයි. සම්ප්‍රේෂණ පද්ධතියට පමණක් අවම US $ බිලියන 5 ක් පමණ අවශ්‍යයි. මන්නාරම සුලං කපොල්ලෙන් පමණක් අඩුම මෙගාවොට් 5000 ක පමණ ජනන ශඛ්‍යතාවයක් තිබෙනවා. එවැනි ප්‍රමාණයක් ලංකාවට වැඩක් නෑ (දැනටත් Allready මෙගාවොට් 4000 ක් පමණ තිබුනත් තවම Peak hours වලවත් 3000ක් භාවිතා වෙන්නේ නෑ ) එහෙමනම් අනිවාර්යයෙන්ම ඉංදියාව සමග සම්බන්ද වෙන්න ඕන.
ඔය වැඩේට ඉංදියන් ආයෝජකයෙක් ඇරෙන්න වෙන එකෙක් එන්නේ නෑ. අනාගත බලශක්ති ප්රභවය වෙන්නේ Green Hydrogen බව තේරුම්ගනිමින් ඒවෙනුවෙන් යොමු වීම ලංකාවට තිබෙන මහඟු අවස්ථාවක් ලෙස සලකා මේ සියල්ල වෙනුවෙන් මහා සැලැස්මේ කොටසක් විදියට තමයි “රනිල් – කාංචන” පනත ගෙනාවේ. සියල්ල අවසන් කර පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඉදිරි වැඩ සඳහා කාල රාමුවකුත් හදලයි තිබුනේ.
මේ අයට ගෙඩිය පිටින් මේක ක්‍රියාත්මක කරන්නත් බෑ, IMF බලා ඉන්න නිසා නොකරත් බෑ, මෝඩ සංශෝධන කීපයක් දාලා අග මුල, මැද සම්බන්ධයක් නැති ගොබ්බ පනතක් බවට පත්කරලා දැන් ක්‍රියාත්මක කරන්න යනවා. කාංචනලා ඉතා පැහැදිලිව සඳහන් කලා නම් කරන ලද වික්ටෝරියා, කොත්මලේ වැනි දැවැන්ත ජලවිදුලි බලාගාර අනිවාර්යයෙන්ම 100% ක් රජය සතුය, සමස්තයක් ලෙස සෑම සමාගමකම 51% ක් රජය සතුය කියලා ඉතිරිය විකුණන බව නැත්නම් කොටස් වෙලඳපලට දමන බව නිශ්චිතව තිබුනා.
මේ මෝඩයෝ කොලේ වහලා ගහන්න, මේ වැඩේ දෙකට කඩලා පලමු අධියර හා දෙවන අධියර කියලා දෙකක් දැම්මා. පලමු අධියරේ තමයි 100% ක් රාජ්‍ය සමාගම් කියලා තියෙන්නේ. දෙවන අධියර උපරිම වසර දෙකක් තුල හෝ ඊට මෙපිට ක්‍රියාත්මක කර සියලුම පැවරීම් අවසන් කරන බව සඳහන්.
මේ අය මොන තරම් අවිචාරවත්ව මේ සංශෝධන කෙලිය කර තිබෙනවාද කියනවානම් දෙවැනි අධියරේදී වික්ටෝරියා උනත් විකිනෙන්න ඉඩ තිබුනා. අධිකරණය තමයි එය පෙන්වා දීලා, නැවත සකස් කරන්න කිවුවේ.
Distribution D1, D2, D3,D4 වෙනුවට මුළු රටටම D කියලා තනි එකක් දැම්මේ රනිල් 12 ට කඩන්න හැදූ එක අපි 6 කට කැඩුවා ( අර්ථසාධක හා වෙනත්
Residual කියලා දෙකකුත් එක්කයි හය වෙන්නේ ) කියන්න ඕන කමටමද කියලා හිතෙනවා.
අනිවාර්යයෙන්ම දෙවන අධියරේදී ඕක කඩන්න වෙනවා
කාංචන ඉතා නිශ්චිතව 4 ක් කියලා සඳහන් කලේ, මම පෙරකී පරිදි ඉතා තර්කානුකූලව D 1,2,3,4 මේ වන විටත් කඩලා සියල්ල සැලසුම් කර තිබූ නිසයි. ඒ සියල්ල කුණු බක්කියට දාලා මේ අය D කියලා තනි එකක් හැදුවා. අදියර දෙකේදී ඕක 20 කට කැඩේද කියන්නත් බෑ, ඒකට වගන්තියක් සීමාවක් නෑ, ජනන සමාගම් උනත් එහෙමයි.
දැනටමත් දිග වැඩි උන නිසා අවසන් කරන්නම් …මේ කරන්න යන වැඩෙන් විනාශ වෙන්නේ CEB එක පමණක් නොවෙයි, රටමයි.
පාරිභෝගිකයින්ට හැමදාම වැඩිවෙන විදුලි බිලක් මිස වෙන සුගතියක් නෑ.
