යුක්තිය අහිමිව වසර 25ක්, ශ්‍රීයාණි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩුව ඇසුරෙන් ශ්‍රී ලංකාවේ පවතින අධික නඩු ප්‍රමාදය හා කෲර හා අමාණුෂික වදහිංසාව වැලැක්වීමට එරෙහි යන්ත්රණයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබදව ජීවමාන අත්දැකීම් සමගින් පැවැත්වෙන මහජන සංවාදය අද සවස 3.30ට කොළඹ 07 ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙම සංවාදය සදහා මහාචාර්ය දිපිකා උඩගම, නීතිඥ හර්මිසා ටීගල්, නීතිඥ ප්‍රියන්ත ගමගේ, නීතිඥ කේ.ඩබ් ජනරංජන, නීතිඥ මාර්ක් ෂුබර්ට් හා ලසන්ත ජගත් කුමාර මහතාගේ සොයුරිය වන අමිතා ප්‍රියන්ති මිය අදහස් දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ නඩු ප්‍රමාදයත්, අපරාධ පරීක්ෂණය ක්රමයේ ඇති ඛේදනීය තත්ත්වය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන ප්‍රධාන නඩුවක් ලෙස ලසන්ත ජගත් කුමාර නඩුව නම් කළ හැක. 2000 ජූනි 20 වෙනි දින පයියාගල පොලිසියේදි බරපතල ලෙස පහරදීමෙන් පසු රිමාන්ඩ් බාරයේදී මිය ගිය ලසන්ත සම්බන්ධව අදාල පොලිස් නිළධාරීන්ට එරෙහිව ගොණුකල නඩුවට මේ වන විට වසර 25ක් සම්පුර්ණ වේ.
වධහිංසාව පිළිබදව ලෝකයේම ඇති නඩු අතුරෙන් දිර්ඝ කාලයක් ගත වෙමින් පවතින නඩුව ලෙස මෙය සැලකිය හැකිය. මේ ආකාර විශාල නොතැකීමක් පොලිස් වධහිංසාවෙන් මියන පුද්ගලයන් මෙන්ම ලංකාවේ සැම අංශයකම මෙන්ම ලංකාවෙ යුක්තිය පසිඳලීමේ අංශ තුලද පවතින්නේ කෙසේද? මේ ප්‍රශ්නයට උත්තරය සේවීමෙදි අපට හෙලිදරව් වන තවත් අතියිශය වේදනාකාරි චින්තන රටාවන් අපට හමුවේ. එනම් මෙම නඩුව මෙපමන කාලයක් ගෙනයාමට හැකි වී තිබෙන්නේ ඉතා ධෛර්යව සම්පන්නව මිය ගිය ජගත් කුමාරගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛන්ඩව පෙනී සිටින ඔහුගේ සහෝදරිය වන අමිතා ප්‍රියන්ති මිය විසින් ගෙනගොස් ඇති දීර්ඝ අරගලයක් නිසා පමණක් වන බවය. ඇය නොසිටින්නට මෙම නඩුවත් අනෙක් නඩු මෙන් කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වන නඩුවක් වීමට බොහෝ ඉඩ තිබුනි.
ඇයගේ ධෛර්ය හා ශක්තියට අයිතිය වෙබ් අඩවියේ උපහාරය..,

ලසන්ත ජගත් කුමාර පයියාගල පොලිස් අත්අඩංගුවට පත්වූ දිනය – 2000 ජුනි 12
අධිකරණයට ඉදිරිපත් කළ දිනය – 2000 ජුනි 17
පොලිස් පහරදීම් නිසා බන්ධනාගාරයේ දී මිය ගිය දිනය – 2000 ජුනි 20
මේ සම්බන්ධව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ලඝු නොවන නඩු විභාගය අවසන් වූ දිනය – 2006 ජුනි 23
නීතිපතිවරයා විසින් මහාධිකරණය මෙම නඩුව ගොණු කළ දිනය – 2013 පෙබරවාරි 08
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබා දුන් දිනය – 2003 අගොස්තු (SCFR 471/2000)
