ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!

President gotabaya wishes you a Happy New Year

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බවත්, එය එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අලුත් අවුරුදු සුබපැතුම මගින් ජනතාවට ප්‍රකාශ කරයි. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතින බවයි. අකර්මන්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය  පියවර ගෙන තිබෙන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. රජයේ කොවි මර්ධන වැඩපිළිවෙළ ජාත්‍යන්තරව පවා පැසසුමට ලක්වූ බව මෙහෙදී ජනාධිපතිවරයා පවසා ඇත.

Read More

ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!

president gotabaya rajapaksa Lack of milk powder

ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය නිසා මෙම වෙළඳසැල තුළ දිගු පෝලිමක් නිර්මානය වී පැවතීම නිසා සහ එම පෝලිම් ගැසුන ජනතාව මෙම මාර්ගය භාවිතා කරන ජනාධිපතිවරයාට හූ තබාවියැයි යන සැකය මත මෙම සීමාවන් පොලීසිය විසින් පනවා ඇතැයි දැනගන්නට ඇත. තත්ත්වය මෙසේ වෙද්දී අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිට මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක්…

Read More

“බැරිවුණ ටික ඉතුරු තුනේ කරනවා,” ජනපති පුවත්පත් කතුවරුන්ට කියයි.

President Gotabaya with newspaper editors

තමන්ගේ ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන් කැප කරන්නට සිදුවූ බවත් එම නිසා පොරොන්දු වූ වැඩ කරන්නට බැරිවුණ බවත්, තමන් කරන්නට පොරොන්දු වූ සියළු වැඩ එලබෙන අවුරුදු 3ක කාලයේදී අවසන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. පසුගිය දෙසැ 27 දා ජනාධිපති ලේකම් කාර්‍යාල පරීශ්‍රයේදී පුවත්පත් කතුවරුන් මුණගැසුණ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හරිත කෘෂි කර්මාන්තයක්  සඳහා වූ තමන්ගේ උත්සාහයට නිළධාරීන් බාධා කළ බවය. තමා බලයට පත්වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් තිබූ බව මෙහෙදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා…

Read More

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?

නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය කරන ඔහු පැවසුයේ විශාල බලාපොරොත්තුවක් සහිතව ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහා ආණ්ඩුව පත්කර ගැනීමට කටයුතු කළත් ඒ සියලු බලාපොරොත්තු මේ වනවිට කඩා වැටී ඇති බවය. ඔහුගේ මෙම ප්‍රකාශය තහවුරු කෙරෙන ආරංචි දැන් දේශපාලන වේදිකාවේ නන් දෙසින් ඇසෙන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම ආණ්ඩුව ඇතුලේම මැති ඇමතිවරු ආණ්ඩුවේ ක්‍රියාවන් හෙලා දකින තැනට පත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

Read More

ෂැංග්‍රී-ලා සොමියේ අවසානය කෙබඳු වේවිද?

president gotabaya politics in sri lanka

‘ වසර 2030 වෙනකොට ඇමරිකාව පහුකරලා චීනය තමන්ගේ ආර්ථිකය ඇමරිකාව වගේ දෙගුණයක් කරගන්නවා. එදාට ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලම ආර්ථිකය වෙනවා. ජපානය සහ ඉන්දුනීසියාව හතර සහ පහ වෙනවා. 2030 වෙනකොට අපි සූදානම් නොවුණහොත් මේ රට දියුණු කරන්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙන්න පුලුවන් ‘ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට හොරගල් ඇහිඳිමින් ඉන්න කාලයේ ෂැංග්‍රී-ලා හෝටලයේ පැවති වියත්මග හමුවක් අතර තුර කළ සාරගර්භ කතා කෑල්ලක් ය. බලන්න කෙතරම් ආකර්ෂණීය ද? අපි ඒ වනවිට මේ පුද්ගලයා දැන හැඳිනගෙන හිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙසය. හති හලන මන්ත්‍රීරුවල පියා ලෙසය. යුද්ධය අවසන් කළ මහා යුධ…

Read More

පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන්  ගොවීන්  අවතැන් වේ…

Farmers displaced due to the Lower Malwathu Oya project

පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව  2021/08/05 දින මාධ්‍ය  සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස  බහු කාර්‍ය ජල  ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ වන විට කිසිදු හේතුවක් නිසා ගොවීන් ට සිදුවන හානිය පිලිබදව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිලිබද පැහැදිලි අදහසක් තවමත් පවසා නැත. පලමුවෙන් පවුල් 360 ක් අවතැන් වන බව පැවසුවත් දැන් මේ වන විට පවසා සිටින්නේ වාසස්ථාන අහිමි වන පිරිස 204 ක් බවයි. නමුත් ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියේ දැනුම් දී ඇත්‍තේ පවුල්…

Read More

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක

covid vaccine political issues militarization in sri lanka

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී සිටිම නිසා කෝවිඩ් මර්දන එන්නතක් ගැන අපි එ තරම් විශ්වාස නොකළෙමු.  ඒ නිසාම අපි එය නිසිකලට ගෙන්වා ගැනීමට ද කටයුතු නොකළෙමු. නමුත්, බෙල්ලට තොන්ඩුව වැටීමට ආසන්නව සිටි අවස්ථාවේ අප එන්නත්කරණය වෙත තල්ලු වූ අතර, එසේ…

Read More

ඩෙල්ටා බෙදන ආණ්ඩුව…!

covid delta variant sri lanka

ඊයේ සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සංසරණය වූ වීඩියෝවක් සහ අද උදෑසන සිට එම මාධ්‍යයේම දක්නට ලැබුණ ඡායා පෙළක් නිසා සිත සසල වුණා කීවොත් හරියටම හරි. පසුගිය කාලයේ කොවිඩ් අරඹයා අප ඉන්දියාවෙ දැක්ක ඒ බියකරු දසුන් මේ වීඩියෝව තුළ සහ ඡායාරූප තුළ තිබුණා. මෙවැනි ඡායාරූපයක් හරි වීඩියෝවක් හරි ගියාම ඒකේ හරිවැරැද්ද සොයන ආණ්ඩුවේ මාධ්‍ය කල්ලි මේ වෙලාවේ නිහඬයි. නිහඬතාවය කියන්නේ මේ වීඩියෝ සහ ඡායාරූපයන් සත්‍ය බව ද? ඉතිං  මේ පිළිබඳව සොයන්නට හිතුනා. මුලින්ම කතා කළේ කළුබෝවිල රෝහල ගැන. ඒ මිතුරු වෛද්‍යවරයෙක් සමග. ‘ඔව් බන් ඒ පොටෝ ඇත්ත ඒවා. ඊයේ (4දා) කළුබෝවිල…

Read More

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..

Covid Death exceeds 4,000, control fails

මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාව පසුකරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවිදිහට ඩෙල්ටා නව ප්‍රබේදය ආසාදනය වුණ ආසාදිතයන් 68 දෙනෙක් මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ හඳුනාගත් ප්‍රමානයට වඩා බොහෝ ප්‍රමානයක් සමාජයේ ඉන්න පුලුවන්. ඒ වගේම දිනෙන් දින කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමානය වැඩිකළ යුතු උනත් එය එහෙම නොවෙන නිසා හරියටම කියන්න බැහැ සමාජය තුළ ආසාදිතයන් කොපමන…

Read More

පාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!

Challenges from farmers to Dr. Anuruddha Padeniya

දින හතලිස් පහක් ගත වූ ගොයමටත් පොහොර කඳුලක් වත් නොලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණනක් තිබෙන බවත් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 250 ක පමණ හිඟයක් පොලොන්නරුවට තිබෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය හා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්. අරුණ කීර්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ව්‍යාපාරය හැර සෙසු මහා වාරි ව්‍යාපාරවල බණ්ඩි ගොයමට සිදුවෙමින් පවතින හානිය ගැන  (13 )පරාක්‍රම සමුද්‍ර කුඹුරු යායේ දී පැවති මාධ්‍යහමුවක දීය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධාන සභාපතිවරයා මෙසේ ද…

Read More