8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි.

එහිදී ප්‍රකාශිත ඡන්ද අතරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ලබාගත් අතර ඩලස් අලහප්පෙරුම මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 82ක් පමණි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3ක් ලබාගත්තේය.

Social Sharing
නවතම