පහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන්  ගොවීන්  අවතැන් වේ…

පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව  2021/08/05 දින මාධ්‍ය  සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස  බහු කාර්‍ය ජල  ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ වන විට කිසිදු හේතුවක් නිසා ගොවීන් ට සිදුවන හානිය පිලිබදව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිලිබද පැහැදිලි අදහසක් තවමත් පවසා නැත. පලමුවෙන් පවුල් 360 ක් අවතැන් වන බව පැවසුවත් දැන් මේ වන විට පවසා සිටින්නේ වාසස්ථාන අහිමි වන පිරිස 204 ක් බවයි. නමුත් ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියේ දැනුම් දී ඇත්‍තේ පවුල් 2002 බලපෑමට ලක් වන බවයි.

නමුත් මේ වන විටත් ඒ පිලිබදව කිසිඳු සදහනක් ගොවීන් වන ඔවුන් වෙත දන්නවා නැති බවයි. මෙම ව්‍යාපෘතිය  සදහා දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක ගම්මාන 22ක, වැව් 22 ක ගොඩ මඩ ඉඩම් අක්කර 7000ක් පමණ  මේ නිසා විනාශ වන බවයි. එමෙන්ම මේ වන විට ඔවුන් පවසා සිටින්නේ  ව්‍යාපෘතිය හේතුවෙන්  අක්කර 6568 ක භූමි ප්‍රදේශයක් විනාශ වන බවයි. නමුත් පසුගිය රජය පවසා  සිටියේ පහල මල්වතුඔය ජලාශය ඉදිකිරීමට පෙර අවතැන් ජනතාවට සාධාරණ වන්දි මුදලක්ද, පදිංචියට සුදුසු ප්‍රදේශද ඉදිකල නිවාසක් ලබාදීමටත් එම පවුල්  සදහා යල, මහ වගා කල හැකි කුඹුරු ඉඩම් ලබා දෙන බවයි. නමුත් දෙවනවතාවට ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදී කිසිදු සොයා බැලීමක් නොකල බවයි.

Farmers displaced due to the Lower Malwathu Oya project

රස්මික වැව ආර්.සිරිපාල මහතා කියා සිටියේ  2015 දී ඔවුන් මෙම ව්‍යාපෘතිය පිලිබදව දැනුවත් වූ බවත්, ඒ සදහා තන්තිරිමලේ රජ මහා විහාරයේ ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් සෑම ගමකම අවතැන් වන්නගේ  සමිති ආරම්භ කල බවත් එහිදී මඩින්  අක්කරක් හා ගොඩ ඉඩම් වලින් අක්කර   1 1/2 ක් ලබා දෙන බවත් ය. නමුත් දැන් කියනවා අක්කර 1/2  දෙනවා කියලා. නමුත් අපි ගොවියෝ අපි දන්නේ ගොවිතැන් කරන්න. අපිට ඔය කියන නගර සැලසුම් වලින් වැඩක් නැහැ. මේ ගම් වල 80% ක්  ඉන්නේ ගොවියෝ ඒ වගේම 50% කට වඩා ඉන්නේ කිරි ගොවියෝ  ඉන්නේ. ඉතින් අපිට ඔය කියන ඉඩම් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නැහැ.  අපි මෙහෙට ආවේ 1982 -83 කාලයේ සාගිනි නිවිමේ ව්‍යාපාරය යටතේ ඉඩම් ලැබිලා. අපි හොදට ගොඩ මඩ වවනවා. අපේ ගමේ සමෘද්ධි පවුල් ඉන්නෙත් කිහිපයයි. අපි ඒක නිසා ආන්ඩු අපිට කල දේවල් වලට ණය නැහැ.

අනුලාවතී මහත්මිය කියා සිටියේ  අපි වසට 30ක් පැවති යුද්ධය නිසා පීඩා වින්දා. නමුත් දැන් අපි හොදට ගොවිතැන් කරගෙන ඉන්නවා. අපි දාඩිය මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු. දැන් ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නේ අලි මරු වන බිම් ප්‍රදේශයක දැනටම ඔවුන්ගේ ගමන් මාර්ග වෙනස් වෙලා නිසා අලි ගම් වැදිලා සදමල් එලිය ගමේ ගෙවල් කීපයක් අලි කඩා දලා. දැන් මහ දවල්ටත් අලි පාරේ. මේ හෙම ගියොත් වන සත්තු ගම් වදිනවා. ඒක සිදුවෙන්නෙත් මේ ව්‍යාපෘතිය නිසා නම් අපිත් මෙහි අවතැන් වන ජනතාවක් වෙනවා. අපිට වන සත්තු එක්ක ඔට්ටු වෙවි ගොවිතැන් කරන්නවත් ජීවත් වෙන්නවත් බැහැ. කොහොම වුනත් අපි කියන්නේ මේ ප්‍රදේශයේ පවුල් 12500 ක් විතර මේ ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් වෙයි කියලා.

මධ්‍යම නුවර ගම් පලාත ප්‍රදේශිය සභාවේ  ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන  සුමිත් මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය තුල විශාල අක්‍රමිකතා ප්‍රමාණක් සිදුවන බවත් ජනතාව ට සහන සලසන ක්‍රමවේදක් පිලිබදව තවමත් පැහැදිලි අදහදක් නොමැති අතර ප්‍රදේශයේ ජනතාවා විසින්  නැවත් ඉඩම් ලබා දීම පිලිබදව විකල්පයන්  ඉදිරිපත් කර ඇති අතර  ඒ සඳහාද කිසිදු සැලකිල්ලක් නොමැති බවයි. 2015 සිට ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතිය නැවත්වීමට උත්සහයන් බොහෝමයක් ගෙන තිබුනත් මේ වනවිට ව්‍යාපෘතිය ආරම්භ කර ඇති නිසාත් උමා ඔය, යාන් ඔය ව්‍යාපෘතින් හේතුවෙන් අවතැන් වූ ජනතාව තවමත් නිසි ලෙස වන්දි හෝ ඉඩම් ලබා ගෙන නොමැති නිසාත්  ඔවුන් ඒ සදහා ඔවුන්ගේ අරගලය ගෙන යන බවයි. එමෙන්ම

ව්‍යාපෘති ආරම්භක  යෝජනාවෙදී කියා සිටියේ අවතැන් ජනතා හට එහි රැකියා අවස්ථා සදහා ප්‍රමුඛ තාවයක් ලබා දෙන බවයි. නමුත් මේවන විට ඒ සදහා ඉතා අධික මුදලකක් ගෙවමින් අම්පාර ප්‍රදේශයේ පුද්ගලයන් මෙහි කම්කරුවන් ලෙස බදවා ගෙන ඇත. එමෙන්ම මෙහි පස් අදින ටිපර් පවා අම්පාර ආදම්බවා නම් කොන්ට්‍රාත් කරුවකු  විසින් ඒ සියල්ල ලබා ගෙන ඇති බවත්ය. මෙවැනි අක්‍රමිකතා සිදුකරම්න් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මංකොල්ල කන බවත් ඔහු සදහන් කලේය.

සටහන

විමුක්ති ද සිල්වා.

Social Sharing
නවතම