කරපුවා සහ කරන්න ඉන්න ඒවා ගැන රනිල් කට අරී

දැනට ලංකාවේ පවතින විවිධ ගැටලු විසඳීම සඳහා ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාමාර්ග ඇතුලත් වැඩපිළිවෙල පිළිබඳව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) විශේෂ ප්‍රකාශයක් කළේය.

එම කරපු වැඩ සහ කරන්න ඉන්නා වැඩ මෙසේය :

කරන්න ඉන්න දේවල් –

• මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි හඳුන්වා දීම
• සියලු දේශපාලන පක්ෂවල මතභේද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම.
• සාමකාමී විරෝධතාකරුවන් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම.
• 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් සඳහා එක්සත් රාජධානියේ රජයේ සහ ඔවුන්ගේ බුද්ධි අංශවල සහාය ඉල්ලා සිටීම.

මේවනවිට අවසන් කළ දේවල් –

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වෙමින් ඇත. විදේශ රටවල් සමඟ ආධාර ලබා ගැනීමේ සාකච්ඡා ද ප්‍රගතියට පත්වෙමින් ඇත.
• රටේ ගෑස් හිඟයට විසඳුම් ලබාදී ඇත.
• ජූලි 21 වැනිදා සිට පෙට්‍රල් බෙදාහැරීම සහ ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ ඩීසල් තොග බෙදා හැරීමත් සමඟ ඉන්ධන හිඟයට ද විසඳුම් ලබාදී  ඇත.
• දිනකට පැය 5ක විදුලි කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩු කර ඇත.
• ගොවීන්ට පොහොර ලබාදී ඇති අතර අක්කර 2ට අඩු කුඹුරු වගා කළ වී ගොවීන්ගේ ණය අවලංගු කර ඇත.

Social Sharing
Uncategorized නවතම පුවත්