ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ ජන අරගලකරුවන් මර්ධනය කරමින් ආණ්ඩුවට එරෙහි විරෝධය යටපත් කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව ඉකුත් මැයි 09 වන දින අනුරාධපුර ප්‍රදේශයේ ඇති වූ සිද්ධියක් පදනම් කර ගනිමින් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජූනි 03 වන දින අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැදවා තිබුණි. ඒ අනුව එම මහතා…
Read MoreTag: පොහොට්ටුව
ජනපතිට දුන් කාලය ඉවරයි, අන්තරේ කොළඹට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස් වීම සඳහා, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලබා දුන් කාලය ඊයේ(18) දිනයෙන් නිමාවූ බැවින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (19) විරෝධතා පාගමනකින් කොළඹට පැමිණේ. මෙම විරෝධතාවය සඳහා සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් දිවයිනේ සෑම පළාතකින්ම ශිෂ්‍යයන් එකතුවෙන බවදැනගන්නට ලැබේ.
Read More9 දා ප්රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට
පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
Read Moreගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් යන අයගේ නම් සදහන්ය.
Read Moreසජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු
අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත් ප්‍රේමදාස අගමැති ධුරය ලබාගන්නා බව සජබ මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ අතර පසු දා එනම් අද (11) එම ස්ථාවරය වෙනස් කරමින් ජනාධිපතිවරයා නිශ්චිත කාලයක දී තනතුර හැරයන්නට සූදානම් නම් අග්‍රාමාත්‍ය තනතුර භාරගෙන රට මෙම අර්බුදයෙන් මුදාගන්නට සූදානම් බව ප්‍රකාශ කළේය. මෙම තීරණයත් සමග සජබ මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර හට සිය විරෝධය දක්වා ඇති…
Read Moreමහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)
මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල් ප්‍රශ්නයක් වෙලා, ඒනිසා ඔය අස්වීම රිවස් වෙන්නත් පුලුවන් කියලා. ඒ කොහොම වුණත් එදා තිබුණ කැබිනට් රැස්වීමෙදී ජනාධිපති මේ ඉල්ලා අස්වීම ගැන වගේම අලුත් සර්වපාක්ෂික ආණ්ඩුව ගැනත් කතාකරපු බව ඇත්තක්. ඒත් ඒ කැබිනට්ටුව ඉවරවෙලා ගෙදර ගියාට පස්සේ ආයිත් ඉතිං පරණ බෙර පදයම තමයි..! දැනගන්න තියෙන විදිහට නාමල් ඇතුලු පවුලේ පිරිස සහ බැසිල් රාජපක්ෂ මේ වෙලාවෙ මහින්ද…
Read Moreශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..
අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ජනතාව හෙට එනම් 09 වැනි දින ඉල්ලා අස්වෙමින් ආණ්ඩුව රට සාර්ථකත්වයට පත් කළ හැකි කණ්ඩායමකට භාර දෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා ඇත.
Read Moreඅප්‍රේල් නැගිටීම් (04 කොටස)
අප්‍රේල් නැගිටීම් නිර්ප්‍රභූද? අප්‍රේල් නැගිටීම්වලට මසකට පෙර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර පිපිරීම සමග එහි ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙක් වන විමල් වීරවංශ ආණ්ඩුවෙන් එළියට ඇදදැමීමෙන් පසු ඔහු විසින් ‘ලංකාවේ ප්‍රභූ දේශපාලනය අවසන් කල යුතුය’යි ප්‍රචාරයක් ආරම්භ කලේය. සමාජ විද්‍යාත්මක ප්රවර්ගයක් ලෙස ‘ප්‍රභූ සමාජ පැළැන්තිය’ මගින් ලංකාවේ ජාතික දේශපාලනයේ සිදු වූ පරිනාමය හා එහි ඛණ්ඩනයක් අප්‍රේල් නැගිටීම් හරහා සිදුවේද යන්න විමසිය යුතු බරපතළ දේශපාලන ප්රශ්නයකි. එසේ වුවහොත් ඒ විවර වන විකල්පයට ඇති විභවය කුමක්ද යන්න පරීක්ෂා කල යුතුය. ලංකාවේ ජාතික දේශපාලනයේ පාලක ව්‍යුහය සැලකීමේදී නිරීක්ෂණය වන කරුණක් ඇත. ඒ නම්…
Read Moreකිරිබත්ගොඩ පොහොට්ටු මැරයා අත්අඩංගුවට..!
ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පෙරේදා (13) මැර ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (14) නියෝග කළ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ. ලංකා නිව්ස් වෙබ්
Read Moreකාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ නමට තිබෙන එකක් බව ප්‍රකාශ කරන ඒ මහතා මෙම බිල තවමත් නොගෙවා සිටියත් විදුලිය සිඳලන්නට ලංවීම කටයුතු කර ඇති බව ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලය තුළ මේ වනවිට විශාල පරිමාවකින් විදුලි බිල වැඩි කිරීමේ සාකච්ඡාවක් පවතින බවය. ලංවීම පාඩුව විදුලි පාරිභෝගිකයන් උරමතට වැටෙන්නට නියමිත බවද ඒ මහතා එහිදී ප්‍රකාශ…
Read More