බැසිල් බුම්බන වැඩ ලස්සෙට පොහොට්ටු ලොක්කන්ගේ විරෝධය

වැඩ ලක්ෂයක් නමින් ක්‍රියාත්මක වැඩසටහන බැසිල් පිම්බීමේ පුහු වැඩක් බවත් එම ව්‍යාපෘතිය සඳහා නිකරුණේ විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරමින් ඇති බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයින්තර කතාබහක් ඇතිවී ඇතැයි ‘අයිතිය’ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

මේ අවුරුද්දේ අමාත්‍යංශවල වියදම් දැඩි ලෙස කපා හැරීමට කැබිනට් පත්‍රිකාවක් දෙවන වරටත් ඉදිරිපත් කර තිබෙන පසුබිමක මෙම වැඩ ලක්ෂය පමණක් ක්‍රියාත්මක වෙන්නේ මන්දැයි එම ප්‍රබලයින් ප්‍රශ්න කරමින් ඇත. තමන්ගේ වියදම් කපාහරිමින් බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා රාජපක්ෂ කවය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කර ඇතැයිද එම වැඩසටහන සඳහා තම ප්‍රතිපාදන කපාදමමින් විශාල වශයෙන් මුදල් වෙන්කර ගනිමින් සිටින බවද ඔවුන් චෝදනා කරයි.

Social Sharing
නවතම