අරුන්දිකගේ මැරයන්ගෙන් රාගම සිසුන්ට ප්‍රහාරයක්….

රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට අද (2) උදෑසන 03ට පමණ කඩාවැදුණු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ ආධාරකරුවන් යැයි කියන මැර පිරිසක් වෛද්‍ය සිසුන්ට පහරදී ඇති බව වාර්තාවෙන අතර සිසුන්ගේ මැදිහත්වීමෙන් මැරයන් පැමිණි වාහනයක් සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩී.කේ සමරතුංග නැමති රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ අයෙකු බව හෙළිවී ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තාවන්ට අනුව සිසුන් සිය භාරයට ගෙන පොලිසියට බාරදී ඇති WP KI 2376 මොටර් රථය, අරුන්දිකගේ අමාත්‍යාංශයට අයත් වාහනයක් ය.

arundika fernando ministry An attack on Ragama students arundika fernando ministry An attack on Ragama students

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට ප්‍රහාරය එල්ල කිරීම සඳහා 15ක පමණ පිරිසක් වාහන කිහිපයකින් පැමිණ ඇති අතර මේ පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් 3 දෙනෙක් ‍රාගම රෝහලට ඇතුලත් කර ඇත.

arundika fernando ministry An attack on Ragama students

Social Sharing
නවතම