කිරිබත්ගොඩ පොහොට්ටු මැරයා අත්අඩංගුවට..!

ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පෙරේදා (13) මැර ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (14) නියෝග කළ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ.

ලංකා නිව්ස් වෙබ්

Social Sharing
නවතම