අත්අඩංගුවට ගන්නේ පොහොට්ටු කණ්ඩායම් කියන විදියට

Read More

සුරේන් රාඝවන්ට ස්ටාලීන් දෙහි කපයි!

Read More

ඔමික්‍රෝන් හැමතැනම, සෞඛ්‍ය අංශ බිය පළ කරයි!

omicron sri lanka covid wave ministry of health

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය සමාජයේ හැම අස්සකටම ව්‍යාප්ත වී ඇති බවද බොහෝ ප්‍රදේශවල වෛරස් උණක් සේ මෙය ව්‍යාප්ත වෙමින් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් දැවැන්ත කඩාවැටීමක සිටින පසුබිමක රට වසාදැමීමක් පිළිබඳව සිතාගන්නටවත් බැරිබව ප්‍රකාශ කරන එම ප්‍රකාශකයා, මෙම අර්බූදය තුළ කොවිඩ් ව්‍යාප්තිය පුංචි දෙයක් වී ඇතැයි ප්‍රකාශ කරයි. මේ අතර මෙම රෝග ව්‍යාප්තිය ගැන අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සඳහන් කරයි. රෝග…

Read More

ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ

ravi kumudesh Lack of antigen sets Ministry of Health

රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. කොවිඩ් කාර්යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය…

Read More

ඔමික්‍රෝන් සුනාමියට අපේ රෝහල් බිලිවේද?

Omicron variant Hospitals in Sri Lanka

වේගයෙන් බෝවෙන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා දිවයින පුරා රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් ඇතැයි වාර්තා වෙයි අයිඩීඑච් උණ රෝහලේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර ඇත්තේ රෝහල මේවනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවය. පසුගිය සතිය තුළ රෝගීන්ගේ පැමිණීම 50%කින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඔහු ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය සමග මෙම තත්වය උදාවී ඇති බවයි.

Read More

ඔමික්‍රෝන් සුනාමිය ලංකාවටත් …!

Omicron virus in Sri Lanka

ආසාදිතයන් 182කගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් එම සාම්පල 160ක ඔමික්‍රෝන් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‍යේෂනයකින් අනාවරණය වෙයි. මෙම නියැදිය අනුව ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනබව සමාජ මාධ්‍ය වාර්තා කරයි. මෙම අධ්‍යයනය අනුව රට පුරාම ඔමික්‍රෝන් සුනාමියක් සේ ව්‍යාප්ත වෙමින් ඇති බව සිතිය හැකියැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි. යුරෝපය තුළත් මේවනවිට මෙම කොවිඩ් ප්‍රබේදය සුනාමියක් සේ ව්‍යාප්තවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එය දැන් ලෝකය පුරාම හෙම්බිරිස්සාව සේ සාමාන්‍යකරණය වෙමින් ඇත.

Read More

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO

omicron in european countries

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට නැගෙනහිරට උදම් රළක් මෙන් කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙයි. 2022 නව වසරේ මුල් සතිය වන විට ආසාදිතයන් මිලියන 07ක් වාර්තා වී ඇති අතර මෙම තත්වය අනුව මීළඟ සති දෙක ඇතුළත ආසාදිතයන් දෙගුණයක් වනු ඇතැයි ඔවුන් පවසා සිටී. තවද සති 6ත් 8ත් ඇතුළත සෑම ප්‍රාන්තයකම ජනගහනයෙන් 50%කට මෙම වෛරසය ආසාදනය වනු…

Read More

ආයෙත් ලොව පුරා කොවිඩ් රැල්ලක්!

new covid wave in sri lanka

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රබේද නිසා වර්තමානයේ නැවතත් ලොව පුරාම දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ග්‍රෙබ්‍රියෙසස් අනතුරු අඟවයි. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට නැවතත් කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර යුරෝපයේ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙනි. එම සංඛ්‍යාව  208,000. මීට අමතරව යුරෝපයේ සෙසුරටවලද විශේෂයෙන් ඩෙන්මාර්කයේ, පෘතුගාලයේ, බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් ඇත. ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ලොව පුරා පර්‍යේෂණයේ නිරත විද්වතුන්ගේ මතය වී ඇත්තේ ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදය තරම් අසාධ්‍ය නොවුනද, එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉතාමත්ම සීඝ්‍රයෙන්…

Read More

ඔමික්‍රෝන් අඩපන කරන්න එන්නතක්

An injection to deplete omicron

කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි. ‘කොවිඩ් 19’ සඳහා…

Read More

දොස්තර සංගමයත් සටන් මගට!

GMOA launches strike

දීර්ඝ කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඈත් ව සිටි දිවයිනේ ප්‍රධානතම වෛද්‍ය සංගමය සිය ආණ්ඩු හිතවාදී  සභාපතිවරයාගේ නිල නායකත්වයට තහනමක් වැටීමෙන් පසු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනට බැස තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ දෙසැම්බර් 20 වැනි සදුදා උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක  සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදයක් මුල් කරගනිමිනි. මෙම වර්ජනය GMOA විසින් වර්තමාන ආණ්ඩුවට වෘත්තීය ක්‍රියාමාර්ගයකින්  අභියෝග කරන ලද පළමු අවස්ථාව ලෙස සැලකේ. වර්ජනය දියත් කෙරුනේ රාජපක්ෂ පාලනය බලයට පත් කිරීමට වෙහෙසුනු…

Read More