දෙමළ දේශපාලන සිරකරුවන් 60 ක් තවමත් බන්ධනාගාරයේ – පා.ම. එස්. ශ්‍රීදරන්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව සමයේ දෙමළ දේශපාලන සිරකරුවන් 106 ක් නිදහස් කළ බවත් මේ වන විට තව සිරගතව සිටින්නේ 60 දෙනෙක් වැනි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් බවද ඔහු පෙන්වා දෙයි.

tamil political prisoners in sri lanka MP Sritharanවිශේෂයෙන්ම නවරත්නම් වැනි 70 හැවිරිදි පුද්ගලයින් පවා තවමත් රඳවාගෙන සිටින බවත් මෙලෙස වයෝවෘද්ධ පුද්ගලයින් රඳවා ගැනීම අසාධාරණ බවද ඔහු පවසයි.

මේ දේශපාලන සිරකරුවන් 60 නා නිදහස් කරන ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ යන අය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මේ 60 නාගේ නම් පාර්ලිමේන්තුවේ පහුගියදා සභාගත කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පහුගියදා මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

-ශානි-

Social Sharing
නවතම