අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීම සඳහා වූ අධිකාරියට ලැබෙන පැමිණිලි ඉහලට!

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවනු ලැබුයේ 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරැවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේය. 2016 වසරේ මැයි මස 18 වන දින අංක 428/ 11ඒ, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ලේ පිහිට විණි.

මෙහි ප්‍රධාන අරමුණු වන්නේ අපරාධ හා වින්දිතයන්ගේ අවශ්‍යතා සපුරාලමින් අපරාධයක සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ බලාත්මක කිරීමය.

මෙම අධිකාරියට ඇමතිය හැකි හදිසි දුරකථන කෙටි අංකයක් හඳුන්වා දුන්නේ 2019 වසරේදීය. ඒ් 1985 කෙටි දුරකථන අංකයයි.

2019 වසරේ පමණක් එම දුරකථන අංකයට පැමිණිලි 1330 ක් ලැබී ඇති බව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ නවමතම සංඛ්‍යාලේඛන වලින් හෙළි කර ඇත.

එමෙන්ම 2018 වසරේ පැමිණිලි 86 ක් ලැබී ඇති අතර එය 2017 වසරේ ලැබී ඇති පැමිණිලි හා බලන විට 76% ක වර්ධනයක් බවද එම වාර්තාවෙන් කියා සිටියි.

පැමිණිලි 24 ක් 2018 වසරේ අවසන් කර ඇති අතර පැමිණිලිකරුවන් 05 කුට ආරක්ෂාව සපයා දී ඇත. එමෙන්ම වෙනත් ආයතන වලට පැමිණිලි 11 ක් යොමු කර තිබෙන අතර 2018 වසර අවසන් වන විට පැමිණිලි 38 ක් විමර්ශනය වෙමින් තිබු බවත් තවත් පැමිණිලි 03 ක් බහාලන ලද බවත් එම සංඛ්‍යාලේඛන වලින් පෙන්වා දී ඇත.

-ශානි-

Social Sharing
නවතම