“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර

Deforestation in Sri Lanka Environmentalist Sajeeva Chamikara aithiya

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.

පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත් මෙය ආර්ථික සහ දේශපාලනික  සංකලනයක් ලෙස තමන් දකින බවත්  එසේ නොමැතිව පක්ෂ දේශපාලනයක් නැතැයි ඔහු පවසයි.

ඒ අඟවා සිටිමෙන් පසු ජනතාව ඉඩම් එළි පෙහෙළි කරන බවත් නමුත් අවසානයේ සැබවින්ම එහි සිටින්නේ ජාවාරම්කරුවෙක් යැයිද ඔහු කියයි. නිදසුනක් ලෙස ඔහු පෙන්වා දුන්නේ දහයියාගල අභයභූමියට අද අත්ව ඇති ඉරණමය.

ජාවාරම්කරුවන්ට අවස්ථාවක් ලබා දීම සඳහා ගම සමඟ පිලිසඳර වැඩසටහන දෙන බවද ඔහු පවසයි.

මේ පරිසර විනාශය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල මෙන්ම ඒකාධිපති පාලනය තුලද සිදුවෙන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ දෙකම නව ලිබරල් ආර්ථිකයත් සමඟ බැඳී පැවතිම නිසා එය සිදුවන බවය.

වර්තමාන රජය බලයට පැමිණ ස්වාභාවික සම්පත් සමඟ වැරදි තීන්දු තීරණ පළමුව ගනු ලැබුයේ, නීතියේ ආධිපත්‍ය බිඳ දැමුයේ  පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත මඟින් බවත් ඒ පස්/වැලි/මැටි ප්‍රවාහනය සඳහා තිබු බලපත්‍ර අහෝසි කිරීමෙන් බවද සජීව චාමිකර මහතා පවසයි.

නමුත් මෙහිදී සමාජයෙන් කිසිදු හඬක් මතු නොවු බවත් ඒ සමාජ සංවර්ධනය සඳහා පස්/මැටි/වැලි අවශ්‍ය බව සමාජය පිළිගන්නා නිසා බව පෙන්වා දෙන ඔහු පවසන්නේ එකල ඒ සඳහා පරිසරවේදීන්ට තනිව අරගල කිරීමට සිදු වු බවය.

ඒ අරගලයේදි වුවද පැතිකඩ ගණනාවක් ඔස්සේ සාකච්ඡා කළ බවත් 05/2001 චක්‍රලේඛය සංශෝධනය කිරීමෙන් වනාන්තර රැසක් විවිධ භාවිතාවන් සඳහා ලබා ගැනීමට උත්සහ කළ බව පෙන්වා දෙන ඔහු පවසන්නේ අද 05/2001 චක්‍රලේඛයක් අවශ්‍ය නැති බවය.

චක්‍රලේඛයක් යනු පනතකට පහතින් ඇති දෙයක් නිසා චක්‍රලේඛයකට පනතක ඇති අණපනත් සංශෝධනය කිරීමට නොහැකි බවත් අවධාරණය කරන සජීව චාමිකර මහතා පවසන්නේ නමුත් සමාජගත කළේ වනාන්තර එළිපෙහෙළි කිරිම නීතියෙන් සුරක්ෂිත දෙයක් බවට පත් කළ බවත් ඒ හරහා අද වන විට වනාන්තර එළිපෙහෙළි කිරිම් දරුණු මට්ටමකට පැමිණ ඇති බවය.

විශේෂයෙන්ම මේ වන විට ගම සමඟ පිළිසඳර වැඩ සටහන තුලින් වනාන්තර/ ඉඩම් රැසක් සමාගම් සතු කරමින් පවතින බවත් ඊට නිදසුනක්  ලෙස පැල්වත්ත සීනි සමාගමට අක්කර 7000 ක් ලබා දීම ඔහු පෙන්වා දුන්නේය.

කන්දකාඩු තෙත් හා වියලි ඉඩම් අක්කර 8500 ක් මේ වන විට බෙදමින් පවතින් බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් බඩ ඉරිඟු වගා සඳහාද ඉඩම් සමාගම් වලට ලබා දිමට කටයුතු කරමින් සිටින බවද පවසන සජීව චාමිකර මහතා පවසන්නේ මේවාට එරෙහිව ජනතාව නැඟී සිටිම ගම පිලිසඳර වැඩ සටහන තුලින් නිද්‍රාවට පත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු මේ බව පවසා සිටියේ “ඩෝසරයද? වන සිරසද?” වන සංහාරය ගැන කතාබහක්! මැයෙන් දෙමටගොඩ බේස්ලයින් මීඩියා සෙන්ටර් හීදී අද (29) දින අදහස් දක්වමිනි. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබුණි.

-ශානි-

Social Sharing

Related posts