මොරවක පාසලකදී ගුරුවරයකුගේ පහර දීමෙන් සිසුවකු රෝහල් ගත කෙරේ..

මොරවක පාසලක

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කළාපයේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ චිත්‍ර විශය භාර ගුරුවරයා 14 හැවිරිදි 8 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙක්ට මකුලත (ගිණිසීරියා) ලීයක් කඩා සිසුවාගේ තට්ටම ප්‍රදේශයට දැඩි ලෙස පහර දීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා ප්‍රතිකාර සඳහා මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇතැයි මොරවක පොලිසිය කියයි.

පාසලේ සිසුවියන් හුනු කූරු වලින් සෙල්ලම් කරමින් සිටියදී එක් ළමයකුගේ ඔළුවට හුනු කූරක් වැදී එම සිසුවිය වැරදි වචනයක් ප්‍රකාශ වීමත් එය අසල භෝජනාගාරයේ සිටි ගුරුවරයාට ඇසී පැමිණි කිසිදු වගවිභාගයකින් තොරව පන්ති කාමරය අසල ඇති ගසකින් මකුලත පොල්ලක් කඩාගෙන එය කැඩෙන තුරු පහර දී අනතුරුව කොන්ක්‍රිට් බිම දණ ගස්සවා පහර පිට පහර දහයක් එල්ල කළ බවත් දෙමාපියන් කළබල වේ යයි බියෙන් සිය වැඩිමල් සහෝදරියට පවසා ඇති බවද තරුනෙත් සිසුවා කියයි.

මානෙල් රංජනී මව මේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට සිටින්නේ මන්දැයි පහර දුන් ගුරුවරයාගෙන් දුරකථනයෙන් විමසීමේදී තමා ඒ වෙලාවේ ඇතිවූ මානසික පීඩනය නිසා මෙය සිදුවූ බවත් ඒ මොහොතේ පටන් දැඩි මානසික පීඩනයෙන් සිටිනා බවත් පවසයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පති ජයන්ත මද්දුමගේ මහතාගෙන් විමසීමේදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බැවින් කළාප කාර්යාලය විමසන්නැයි ඉල්ලා සිටියා. දෙනියාය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සිදුවීම සම්බන්ධයෙන් දැනගත් මොහොතේම සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත් කොට වාර්තාවක් කැද වීමට පියවර ගත් බවත් අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතියකින් තොරව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවත් කීය.

මවගේ ඉල්ලීම කඩිනමින් පරීක්ෂණයක් පවත්වා දරුවාට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂා කරති.

කෙසේවෙතත් සැකකාර ගුරු ශික්ෂණවේදී උපාධිදාරී ගුරුවරයා මේ වන විට මොරවක පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ප්‍රියන්ත දසනායක
අකුරැස්ස

Social Sharing
අවකාශය නවතම