ආර්ථික සංව­ර්ධ­න­යට ස්ථිර බදු ප්‍රති­ප­ත්තිය අත්‍ය­වශ්‍ය සාධ­ක­යක්!

බදු ප්‍රති­ප­ත්තිය

අය-වැය යනු රජයේ ඉතා වැද­ගත් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­ව­ලින් එකකි. 2026 වසර සඳහා වූ අය-වැය යෝජ­නා­ව­ලිය පිළි­බඳ සලකා බැලී­මේදී දැක­ගත හැකි විශේ­ෂ­ත්ව­යක් වූයේ, එම­ඟින් නව බදු එකතු වීමක් සිදු නොවී­මයි. ඒ අනුව රජය විසින් ස්ථාවර බදු ප්‍රති­ප­ත්ති­යක් ඇති කර­ලීම සඳහා ප්‍රයත්න දරන බව පැහැ­දි­ලිය. මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ස්ථිර බදු ප්‍රති­ප­ත්ති­යක අව­ශ්‍ය­තාව සහ වැද­ග­ත්කම පිළි­බඳ රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ හා මූල්‍ය පීඨයේ ගිණු­ම්ක­රණ අංශයේ අංශා­ධි­පති ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය කේ.ජී.පී.වි. ගුණ­රත්න මහතා සමඟ දිනමිණ පුවත්පත කළ සාක­ච්ඡාව ඇසු­රින් සැක­සු ලිපියකි.

මේ රටේ වර්ත­මන් ආර්ථික තත්ත්වය පිළි­බඳ සැල­කී­මේදී පෙර දැක­ගත නොහැකි වූ ආර්ථික ප්‍රග­ති­යක් අත්පත් කර­ගෙන ඇති බව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබේ. මෙය ආර­ම්භ­යක් පමණි. ආසන්න වශ­යෙන් පසු­ගිය මාස නව­යක කාලය තුළ අප­න­යන ආදා­යම බිලි­යන 9.1ක් ද, විදේශ ප්‍රේෂණ බිලි­යන 5.8ක් ද, අව­සන් මාස කිහි­පය තුළ සෘජු විදේශ ආයෝ­ජන ඩොලර් මිලි­යන 800ක් ද ළඟා කර ගැනීම වැනි ආර්ථික දත්ත දෙස බැලූ විට මෙය ඉතා සාධ­නීය තත්ත්ව­යක් ලෙස හඳු­නා­ගත හැකියි. මෙම­ඟින් මෙරටේ ආර්ථි­කය අද වන විට යහ­පත් දිශා­න­ති­ය­කට ගමන් කරන බව පැහැ­දි­ලිය. අනා­ග­ත­යේදී ද මෙවැනි වාතා­ව­ර­ණ­යක් ගොඩ­නඟා ගැනීම සඳහා කට­යුතු කළ යුතුය. වර්ත­මා­න­යේදී ගනු ලබන තීන්දු, තීරණ සහ ප්‍රති­පත්ති හේතු­වෙන් අනා­ග­ත­යේදී මෙම තත්ත්වය වෙනස් විය හැකියි. එබැ­වින් ආණ්ඩුව විසින් නිවැ­රදි තීන්දු, තීරණ ක්‍රියා­වට නැංවු­ව­හොත් අනා­ග­ත­යේදී ද ආර්ථි­ක­මය වශ­යෙන් සාධ­නීය තත්ත්ව­යක් නිර්මා­ණය කර­ගත හැකියි. එමෙන්ම ආර්ථික ප්‍රග­තිය සම්බන්ධ සංඛ්‍යා දත්ත පිළි­බඳ සැල­කී­මේදී ඒවා යහ­පත් මට්ට­මක පැව­තිය ද ඒ සම්බ­න්ධ­යෙන් ජන­තාව තුළ ඇති දැක්ම, අව­බෝ­ධය මෙහිදී බෙහෙ­වින් වැද­ගත්ය. මන්ද­යත්, ආණ්ඩු­වක පැවැත්ම තීර­ණය වන්නේ ජනතා කැමැත්ත මත වන බැවිනි.

නිෂ්පා­දන පිරි – වැය

මෙරට ආර්ථි­කය ක්‍රම­යෙන් වර්ධ­නය වෙමින් පැව­තිය ද ජන­තා­වගේ ජීවන විය­දම ඉහ­ළය. රටක ආර්ථි­කය දියුණු වන විට ජන­තා­වට ද සතු­ටින් ජීවත් විය හැකි පරි­ස­ර­යක් පැව­තිය යුතුය. එක් පැති­ක­ඩ­කින් රටේ ආර්ථි­කය ඉහ­ළට එස­වෙ­නවා සේම ජන­තා­වගේ ජීවන මට්ටම ද ඉහළ නැංවී­මට ආණ්ඩුව කට­යුතු කළ යුතුය. නිද­සුන් ලෙස ගත් විට අද වන විට සහල් කිලෝ­වක මිල රුපි­යල් 200 – 220ත් අතර වේ. නමුත්, මීට අවු­රු­ද්ද­කට පමණ පෙර වී කිලෝ­වක් රුපි­යල් 120ක් බව ආණ්ඩුවේ තීර­ණය විය. සහල් මිල ඉතා­මත් අධික වූ අතර සහල් කිලෝ­වක් රුපි­යල් 200 – 220ත් අතර මුද­ල­කට මිලදී ගැනීම තාව­කා­ලික විස­ඳු­මක් පමණි. වී පම­ණක් නොව ආණ්ඩුව විසින් සෑම භාණ්ඩ­ය­කම නිෂ්පා­දන පිරි – වැය අවම වන අයු­රින් තීන්දු, තීරණ ගත යුතුය. නිවැ­රදි නියා­ම­න­යක් නැති වීම හේතු­වෙන්, ඇතැම් භාණ්ඩ­වල නිෂ්පා­දන පිරි­වැය ඉහළ ගොස් ඇති අතර, එවැනි අව­ස්ථා­වල රාජ්‍ය මැදි­හත් වීම අත්‍ය­ව­ශ්‍යය. එම මැදි­හ­ත්වීම තුළ මිනි­සුන්ගේ ජීවන විය­දම අඩු කර­ගත හැකියි. එවැනි තත්ත්ව­යක් ඇති වුව­හොත් මෙරට සිය­ලුම පුර­වැ­සි­යන් ආර්ථි­ක­යට ප්‍රකෘ­ති­මත් ලෙස සම්බන්ධ වේ. එබැ­වින් ඒ පිළි­බ­ඳව රජය මඟින් අව­ධා­නය යොමු කළ යුතුය.

මෙවර අය – වැය පිළි­බඳ පිරි­ක්සී­මේදී එය යහ­පත් දැක්මක්, අර­මු­ණක් සහි­තව ඉදි­රි­පත් වූ අය – වැයක් ලෙස සැල­කිය හැකියි. එය රටේ ඇති ගැට­ලු­කාරී තත්ත්ව­යන් සඳහා කෙටි­කා­ලීන විස­ඳු­ම්ව­ලට වඩා දිගු­කා­ලීන විස­ඳුම් ලබා­දෙන අය – වැයකි. අය – වැය මඟින් අලු­තින් බදු එකතු වීමක් සිදු නොවූ අතර, බදු අනු­පා­ත­ය­න්වල ද සැල­කිය යුතු වෙන්ස­කම් සිදු වී නැත. එම­ඟින් අය – වැයෙන් ස්ථීර බදු ප්‍රති­ප­ත්ති­ය­කට අවශ්‍ය පද­නම සකස් කර ඇති බව පැහැ­දි­ලිය. මෙය මෙරට ආර්ථි­ක­යට, ව්‍යාපා­රික ප්‍රජා­වට සහ ආයෝ­ජ­ක­යන් සඳහා සාධ­නීය තත්ත්ව­යකි. භාණ්ඩ හා සේවා මත බද්ද, සමාජ ආර­ක්ෂණ දාය­කත්ව බද්ද, වාර්ෂික පිරි­වැ­ටුප් මත බදු අය කරන ප්‍රමා­ණයේ සීමා­වන් යම් මට්ට­ම­කින් අවම කර ඇත. ස්ථිර බදු ප්‍රති­ප­ත්ති­ය­කට අවශ්‍ය පද­නම සකස් කිරීම තුළ දේශීය, විදේ­ශීය ආයෝ­ජ­ක­යන් මේ පිළිබ දැනු­ම්වත් වීමද සිදු වන අතර එය මෙරට ආයෝ­ජන දියුණු කිරීම සඳහා වැද­ගත් සාධ­ක­යකි. 2026 වසර තුළ විශාල ආයෝ­ජන ප්‍රමා­ණ­යක් දැක ගත නොහැ­කිය. ඉදි­කි­රීම්, කර්මාන්ත ක්ෂේත්‍රය, මාර්ග සංව­ර්ධ­නය ආදී ක්ෂේත්‍ර­යන් තුළ කෙටි­කා­ලීන විදේශ ආයෝ­ජන ගලා ඒමේ හැකි­යා­වක් ඇත. නමුත් දිගු­කා­ලීන, ස්ථාවර ආයෝ­ජන පැමි­ණීම සඳහා යම් කාල­සී­මා­වක් ගත­වනු ඇත. එබැ­වින් වත්මන් රජය විසින් උත්සාහ ගන්නේ විශාල ආයෝ­ජන ප්‍රමා­ණ­යක් රටට ගලා ඒමට අවශ්‍ය ආර්ථි­ක­මය පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීම සඳ­හාය. ඊට අවශ්‍ය මූලි­කම සාධ­කය වන්නේ, ආයෝ­ජ­ක­යන් තුළ මෙරට පිළි­බඳ ඇති විශ්වා­සය ගොඩ­නැ­ඟී­මයි. පසු­ගිය කාලය තුළ ආර්ථි­කය යම් පසු­බෑ­ම­කට ලක්විය. අතී­ත­යේදී ව්‍යාපා­ර­යක් ආරම්භ කරන විට විවිධ දේශ­පා­ලන බල­පෑම්, මැදි­හ­ත්වීම් පැව­තුණි. රජය මඟින් එවැනි පරි­ස­ර­යක් තුළ වසර දෙකක පමණ කාල­සී­මා­වක් ඇතු­ළත ස්ථිර බදු ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කිරී­මට උත්සාහ කරයි. මෙවැනි පසු­බි­මක් තුළ අනා­ග­ත­යේදී ආයෝ­ජ­ක­යන් විසින් මෙරට තුළ ආයෝ­ජන සිදු කිරීම සඳහා වැඩි කැමැ­ත්තක් දක්වනු ඇත. එම­ඟින් වේග­යෙන් ආර්ථික වර්ධ­න­යක් කරා ගමන් කිරී­මට අපට හැකි­යාව ලැබේ.

ස්ථිර බදු ප්‍රති­ප­ත්ති­යක් පැව­තීම යනු රටක දිගු­කා­ලීන ආර්ථික සංව­ර්ධ­නය සඳහා අත්‍ය­වශ්‍ය සාධ­ක­යකි. රටක ස්ථීර බදු ප්‍රති­ප­ත්ති­යක් ඇති බව ආයෝ­ජ­ක­යන් දැනු­ම්වත් වීම වැද­ගත්ය. ඕනෑම ආයෝ­ජ­ක­ය­කුගේ අර­මුණ වන්නේ ලාභ ලැබී­මයි. එලෙස ප්‍රති­ලාභ ලැබීම අර­මුණු කර ගන්නා බැවින්, ඔවුන් තම ආයෝ­ජ­න­යන් සඳහා ඇති අව­දා­නම් තත්ත්ව­යන් පිළි­බඳ අව­ධා­නය යොමු කරයි. ස්ථිර බදු ප්‍රති­ප­ත්ති­යක් පැව­තී­මේදී ව්‍යාපාර සඳහා ඇති අව­දා­නම අඩු වේ. ව්‍යාපාර සඳහා ඇති අව­දා­නම අඩු වන විට ආයෝ­ජ­ක­යන් විසින් වැඩි වැඩි­යෙන් ආයෝ­ජන කිරීම සඳහා පෙළඹේ. නිද­සුන් ලෙස ස්ථීර බදු ප්‍රති­ප­ත්ති­යක් පැව­තී­මේදී අදාළ වර්ෂ ගණන අනුව කොප­මණ බදු ප්‍රමා­ණ­යක් ගෙවිය යුතු දැයි ආයෝ­ජ­ක­යාට සැල­සුම් කළ හැකියි. එක් ආයෝ­ජ­ක­යෙක් විශාල බදු ප්‍රමා­ණ­යක් ගෙව­න්නට අැතයි සිතමු. එහිදී ඔහු උත්සාහ කරන්නේ ආණ්ඩු­වට බදු ගෙව­නවා ද නැත­හොත්, මෙම නිෂ්පා­දන තව­දු­ර­ටත් ප්‍රසා­ර­ණය කර­නවා ද යන්න පිළි­බ­ඳ­වයි. නිෂ්පා­දන කර්මාන්ත ගත්විට එතුළ ඇති සැප­යුම් දාමය තුළම ආයෝ­ජ­නය කිරීම මඟින් නිෂ්පා­දන පිරි – වැය අවම කර ගැනීම සඳහා අව­කාශ ලැබේ. එමෙන්ම නිෂ්පා­දිත භාණ්ඩ පාරි­භෝ­ගි­කයා දක්වා යන ක්‍රියා­ව­ලිය තුළ ද ආයෝ­ජ­න­යන් සිදු කළ හැකිය. අන­වශ්‍ය ලෙස බදු ගෙවී­මට වඩා නිෂ්පා­දන පිරි – වැය අඩු කර, තර­ග­කාරී මිල­කට භාණ්ඩ පාරි­භෝ­ගි­ක­යාට ලබා­දිය හැකිය. වර්ත­මා­න­යේදී නිෂ්පා­ද­ක­යන් උත්සාහ කරන්නේ භාණ්ඩයේ මිල ඉහළ දමා හෝ හොඳ තර­ග­කා­රී­ත්ව­යක් ලබා දී භාණ්ඩ විකි­ණී­මෙන් තම ව්‍යාපා­රය රැක­ගැ­නී­ම­ටයි. එම මාන­සි­ක­ත්ව­යෙන් මිදී කට­යුතු කිරී­මෙන් වෙ‍ෙළ­ඳ­පොළ තුළ සාධා­රණ වෙ‍ෙළඳ ප්‍රති­ප­ත්තීන්ගේ භාවි­ත­යක් ඇති වේ. එම­ඟින් ව්‍යාපා­රික පරි­ස­රය තුළ අව­දා­නම අවම වීම සහ බදු නිවැ­ර­දිව ගණ­නය කර ගැනී­මට හැකි වේ. වැඩි ව්‍යාපා­රික අවස්ථා රට තුළ පැව­තීම මඟින් ආණ්ඩු­වට ද වැඩි බදු ප්‍රමා­ණ­යක් එක්රැස් කර ගැනී­මට හැකි වේ. නිෂ්පා­දන පිරි­වැය අවම කර ගැනීම තුළින් නිෂ්පා­දන සඳහා ඇති වෙ‍ෙළ­ඳ­පොළ වර්ධ­නය කර ගත හැකි අතර, එම නිෂ්පා­දන විදේ­ශීය වෙ‍ෙළ­ඳ­පො­ළට ද යා හැකිය. එය විදේශ විනි­මය රට තුළට ගලා ඒමට හේතු­වක් වෙයි.

2026 අය – වැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්ත­මේ­න්තු­ගත මුළු රාජ්‍ය ආදා­යම රු. බිලි­යන 5305කි. ඉන්, රු. බිලි­යන 4850ක් ම බදු­ව­ලින් ඉප­යී­මට යෝජනා කෙරිණි. බදු ලැබු­ණ­හොත් රජය විසින් එම බදු රට තුළ හොඳින් ආයෝ­ජ­නය කරන බවට විශ්වා­ස­යක් ඇති කර ගත හැකිය. ඊට හේතු­සා­ධක වන්නේ රජය වස­රක් පුරා පව­ත්වා­ගෙන ආ මූල්‍ය වින­යයි. අය – වැය මඟින් ඉදි­රි­පත් වූ ප්‍රධා­න­තම යෝජ­නා­වක් වන්නේ බදු පද­නම වැඩි කිරී­මයි. භාණ්ඩ හා සේවා මත බද්ද, සමාජ ආර­ක්ෂණ දාය­කත්ව බද්ද ගත් කල මිලි­යන 60ට පමණ පැවති වාර්ෂික පිරි­වැ­ටුප මිලි­යන 30 දක්වා අවම කර තිබේ. තවද බදු පද­නම වැඩි­වී­මත් සමඟ දැනට බදු සඳහා ලියා­ප­දිංචි වී නොමැති ව්‍යාපා­ර­ය­කට ඒ සඳහා ලියා­ප­දිංචි වී බදු ගෙවීම සිදු විය හැකිය. ඒත් සමඟ භාණ්ඩ හා සේවා­වල මිලෙහි යම් වර්ධ­න­යක් ඇති විය හැකිය. මෙය නිශ්චි­තව දැක්විය නොහැකි අතර, එය ඉදි­රි­යේදී විය හැකි තත්ත්ව­යකි. වෙ‍ෙළ­ඳ­පොළ ආර්ථි­කය නියා­ම­නය සඳහා තව­මත් නිසි නියා­ම­න­යක් නොමැත. ඉදි­රි­යේදී භාණ්ඩ මිල කොතෙ­ක්දු­රට වැඩි­වේ­දැයි නියා­ම­නය කළ නොහැ­කිය. එය විවි­ධා­කා­ර­යෙන් සිදු විය හැකිය. එය සමාජ ප්‍රති­වි­රෝ­ධ­යක් ඇති වීම සඳහා ද හේතු විය හැකිය. මන්ද­යත් මෙරට තුළ භාණ්ඩ මිල වැඩි­වීම හෝ බදු ගෙවී­මට සිදු වුව­හොත් බොහෝ පුද්ග­ල­යන්, එය පෞද්ග­ලික වශ­යෙන් පම­ණක් සලකා බලන බැවිනි. එබැ­වින් ආණ්ඩුවේ වග­කීම වන්නේ මේ පිළි­බ­ඳව නිවැ­ර­දිව ජන­තා­වට සන්නි­වේ­ද­නය කිරී­මයි. මේ අයු­රින් බදු පද­නම වැඩි­වීම තුළ ව්‍යාපාර සඳහා ඇති වාසිය, බදු ගෙවීම තුළින් තමන්ගේ ව්‍යාපා­රික, ගිණු­ම්ක­රණ වාර්තා නිවැ­ර­දිව පව­ත්වා­ගෙන යෑම, එතුළ බදු නිවැ­ර­දිව ගෙවී­මට හැකි­යාව ලැබීම, බැංකු පද්ධ­ති­යට ගොස් ණය මුදල් ලබා ගැනීම තුළින් තම ව්‍යාපාර ප්‍රසා­ර­ණය කර­ගත හැකි වීම ආදිය සම්බ­න්ධ­යෙන් ජන­තාව දැනු­ම්වත් කිරී­මට අවශ්‍ය යාන්ත්‍ර­ණ­යක් සකස් කළ හැකි නම් බදු පද­නම ප්‍රසා­ර­ණය කිරීම සුබ­වාදී ලෙස බලපෑ හැකිය.

ආයෝ­ජන වැඩි දියුණු කිරීම

මෙවර අය-වැය මඟින් මෙරට ව්‍යාපා­රික ප්‍රජාව දියුණු කිරීම සහ නිෂ්පා­දන කට­යුතු සාධ­නීය මට්ට­ම­කට ගෙන ඒමට හැකි ලෙස යෝජනා ඉදි­රි­පත් කර තිබේ. මේවා නිසි ලෙස ක්‍රියා­ත්මක කිරීම තුළින් නිෂ්පා­දන පිරි­වැය අවම කර­ගත හැකි අතර, එම­ඟින් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කර­ගත හැකිය. එහිදී එක් පැති­ක­ඩ­කින් ආර්ථි­කය සංව­ර්ධ­නය වීමත් තවත් පැති­ක­ඩ­කින් උද්ධ­ම­නය අවම වීමත් සිදුවේ. තවද ආයෝ­ජන වැඩි දියුණු කිරීම සඳහා කට­යුතු කිරීම මඟින් රැකියා වියු­ක්තිය ද අවම කර­ගත හැකිය. තවද මූල්‍ය ප්‍රති­පත්ති නිසි පරිදි උප­ක්‍ර­ම­ශී­ලීව, ප්‍රයෝ­ජ­න­වත් ලෙස ක්‍රියා­ත්මක කිරීම සඳහා ආණ්ඩු­වට ද අව­කාශ හිමි වේ. මෙකී කර­ණා­වන් තුළ මූල්‍ය වෙ‍ෙළ­ඳ­පොළ තුළ ස්ථායී­තා­වක් ඇති කර ගැනී­මට ද හැකි­යාව ලැබේ. මූල්‍ය වෙ‍ෙළ­ඳ­පොළ ගත් විට ණය ලබා­දී­මේදී තෝරා­ගත් ව්‍යාපා­රි­ක­යන් සඳහා පම­ණක් ණය ලබා දීම සිදු කරන අතර, සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් අප­හ­සු­තා­වට පත්ක­රයි. මෙම අය – වැය තුළින් එවැනි තත්ත්ව­යන් සඳහා විස­ඳුම් ලබා දී තිබේ. එම යෝජනා ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක වුව­හොත් මූල්‍ය වෙ‍ෙළ­ඳ­පොළ තුළ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන්ට ද වැඩි ඉඩක් ලැබෙන අතර, විධි­මත් ලෙස ණය ලබා ගැනී­මට ඔවුන්ට අව­කාශ සැලසේ. ඒ අනුව එක් පාර්ශ්ව­ය­කට පම­ණක් නොව සමස්ත ආර්ථි­කය සඳ­හාම දාය­ක­ත්වය ලබා දෙන පාර්ශ්ව­යන් මූල්‍ය­ප­ද්ධ­තිය සඳහා සම්බන්ධ වීම මෙහිදී සිදුවේ. මේ අනුව සම­ස්ත­යක් ලෙස සැල­කී­මේදී මෙවර අය – වැය රටේ ඉදිරි ආර්ථික වර්ධ­නය සඳහා වූ සාධ­නීය ක්‍රියා­මාර්ග ඇතු­ළත් අය වැයක් ලෙස සැල­කිය හැකිය.

-ඉන්දී­වරී පෙරේරා-

Social Sharing
අවකාශය නවතම