– පාඨලී චම්පික රණවක –
විදුලි වාහන නිෂ්පාදනය කරන KD Rise Electrical Motors (Pvt) Ltd ආයතනයේ කඩුවෙල ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලාව නැරඹීමට ගියෙමු. විදුලි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම ඔවුන් විසින් සිදු කරයි.
රට ඉදිරියට යාමට නම් රට තුළ ඩොලර් උත්පාදන වැඩපිළිවෙලක අවශ්‍යතාව ඇති අතර, ඒ සඳහා වැදගත් අංශයක් ලෙස රටේ ප්‍රවාහන පද්ධතිය විදුලිකරණය කිරීම හඳුනාගත හැකිය. 2030 වන විට පොදු ප්‍රවාහනය මෙන්ම බහුතර ප්‍රවාහන මාධ්‍ය විදුලිකරණ වැඩපිළිවෙලක් අප විසින් සකසා තිබෙන අතර, එය නැවත ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය සතුය.
සමාජ මාධ්‍ය තුළ එදිනෙදා පෙන්වන මැජික් වලින් තොරව, ගැඹුරු, හරයාත්මක නිෂ්පාදන ආර්ථිකයක අවශ්‍යතාව දැන් රට තුල නිර්මාණය වී තිබේ. රටේ ඇති රථවාහනවලට ඩොලර් වියදම් කර තෙල් ගෙන්වනවා වෙනුවට කළයුත්තේ රථවාහන විදුලිකරණය කිරීමයි.
දේශීය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය හා යන්ත්‍ර ගෙන්වීමේදී එම ව්‍යාපාරවල පැවැත්ම වෙනුවෙන් රටේ බදු ප්‍රතිපත්ති වහාම සංශෝදනය විය යුතු අතර, කෙටිකාලින අදායම් බලාපොරොත්තුවෙන් නිෂ්පාදන අමුද්‍රව්‍ය සඳහා විශාල බදු අය කර දේශීය කර්මාන්තකරුවා බිඳවැට්ටවීම අප රටට ඛේදවාචකයක්.

