බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට, තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්!

බන්ධනාගාරවල තදබදය

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ, බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ය.

දිවයිනපුරා අඛණ්ඩව සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්, මෙම තත්ත්වය මතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයින පුරා බන්ධනගාරවල රැදවිය හැකි රැදවියන් සංඛ්‍යාව 10350 ක්.

මේ වන විට 37 000කට ආසන්න පිරිසක් බන්ධනගාරවල රදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙනු ලබයි. ඒ අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 30 – 40 ත් අතර පුද්ගලයින් වේ.

මේ අතර බුස්ස බන්ධනාගාරයේ ලොකු පැටී රඳවා සිටින කුටියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කල මෙහෙයුම්වලදීය.

newsfirst.lk
Social Sharing
අවකාශය නවතම