
පසුගිය දා සිදු කරන ලද කැබිනට් අමාත්‍ය සංශෝධනයට අදාළව එම අමාත්‍යංශවලට අයත් විෂයයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතට ගෙන තිබේ.
මෙය, 2023 ජනවාරි 12 දින සිවිල් සංවිධාන 400ක නියෝජනත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ජාතික එකමුතුවේ නියෝජිත සමුළුවේදී පැමිණි ප්‍රධාන යෝජනාවලින් එකකි.
රාජ්‍ය පරිපාලන හා සමාජ සුභසාධන අමත්‍යාශය යටතේ පැවති රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය, විදෙස් කටයුතු අමාත්‍යංශය වෙතත් ඉන් පසුව ගොඨාභය රාජපක්ෂ සමයේ මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙතත් වරින්වර මාරු විය.
පසුගිය කැබිනට් අමාත්‍ය සංශෝධනයෙන් වෙනස් වූ අනෙකුත් විෂය පථයන් පිළිබදව බීබීසී සිංහල වාර්තා කර තිබුනේ පහත පරිදිය.
ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව ඉවත් කර එය මහජන ආරක්ෂක අමාත්‍යංශයටත්, ජාතික ජලශාස්ත්‍රිය සභාව සහ ශ්‍රී ලංකා ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇත.
මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම සහ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පවරා තිබේ.
සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගම සහ ඒ යටතේ පිහිටවූ නව සමාගම් බලශක්ති අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත. එම අමාත්‍යංශයේ පැවති ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය හා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව එම අමාත්‍යංශයෙන් ඉවත් කර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වෙත පවරා ඇත.
කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශ විෂය පථයට ඇතුළත් කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ආර්බිට්‍රේෂන් සෙන්ටර් (ගැරන්ටී) ලිමිටඩ්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය එම අමාත්‍යංශයෙන් ඉවත් කර මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඇතුළත් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට භාර දී තිබේ.
එම අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා ස්ටේට් ට්‍රේඩිං (ජෙනරල්) කෝපරේෂන් ලිමිටඩ් ආයතනය ඇතුළත් කර තිබේ.
සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන් (පෞද්ගලික) ආයතනය, ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා හෙද සභාව යන ආයතන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට යටතට පවරා තිබේ.
කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට ඇතුළත් වේ.
ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතාව සඳහා වන හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ද සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයට ලබා දී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මෙන් ම සීමාසහිත GSMB තාක්ෂණික සේවා පෞද්ගලික සමාගම පරිසර අමාත්‍යංශයෙන් ඉවත් කර ඇතුළත් කර ඇත්තේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය වෙත ය.
නව අමාත්‍යංශ සංශෝධනය යටතේ පිහිටවූ ප්‍රවාහන, මහාමර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත ආයතන 17ක් පවරා දී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය, එහි පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්, මග නැගුම, රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, සීමාසහිත ලක්දිව ඉංජිනේරු (පෞද්) සමාගම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව, සහස්යා ඉන්වෙස්මට් ලිමිටඩ්, නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය (පොදු පහසුකම් මණ්ඩලය), සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් ඊට අයත් වේ.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාතයංශය යටතට, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එහි පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්, සීමාසහිත ලංකා නැව් සංස්ථාව, වෙළෙඳ නාවික කාර්යාලය ඇතුළත් කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ශ්‍රී ලංකන් එයර් ලයින්ස් සහ පරිපාලිත සමාගම් ද එම අමාත්‍යංශයට අයත් වේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව නිවාස, ඉදිකිරිම් හා ජලසම්පාදන අමාත්‍යංශය යටතට ගෙන ඇත.
එමෙන් ම රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ඕෂන් වීව් ඩිවෙලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙන් ම ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ද එම අමාත්‍යංශය සතුව පවතී.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යංශය යටතට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව සහ ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල අයත් වේ.
