අනුර දක්ෂයෙක් – ශිරාල් ලක්තිලක

එදා 3% තිබුණු පක්ෂයක් ආණ්ඩු බලයක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වුයේ ඒ අය ගෙන ගිය ජනකාන්තවාදී දේශපාලනය නිසා වූ බවයි මගේ අදහස. ජනකාන්තවාදී දේශපාලනය සඳහා යම් කිසි තර්කයක් න්‍යායක්, දැක්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඉදිරිපත් කළේ නිර්මානය වී ඇති සියළු ගැටළුවට හේතුව මෙතෙක් ආණ්ඩු කළ හා පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 වග කිව යුතු බවයි.

මේ වන විට පළමු වතාවට ලංකාවේ දේශපාලනය, දේශපාලන පක්ෂ වෙතින් ජනතාව වෙත මාරු වී තිබෙනවා. 2015 වසරේ සිට සිදු වූයේ මෙයයි. මහින්ද රාජපක්ෂ කඳවුර පරාජය කර මෛත්‍රිපාල සිරිසේන බලයට ගේන්න හැකි වුනෙත් මේ අකාරයටයි. එදා එක්සත් ජාතික පක්ෂයට ආසන්න වශයෙන් 35% ඡන්ද ප්‍රථිශතයක් තිබෙන්න ඇති. ඉතිරි 15% හදල දුන්නේ මාදුළුවාවේ සෝබිත ස්වාමින්වහන්සෙ නායකත්වය දුන් ව්‍යාපාරය විසින්. ගෝඨාභය රජපක්ෂ බලයට ගේන්න කටයුතු කළේ ‘වියත්මග’ මග ඇතුළු මෙවැනි ව්‍යාපාරයන්. ඒ වගේම මෙවර ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්න කටයුතු කලේ මාලිමාව කියන ඒ ව්‍යාපාරය. මින් පෙන්නුම් කරන්නේ පළමු වතාවට ලංකාවේ දේශපාලන පක්ෂයකට නැති බලයක් මෙවැනි ව්‍යාපාරයකට ලැබිල තිබෙන බවයි.

කවුද මේ ව්‍යාපාරය නියෝජනය කරන්නේ. අපේ අදහස මේ ව්‍යාපාරයේ මූලිකත්වය ගන්නේ මධ්‍යම පන්තිය. ඒ අපේ පැවති සම්ප්‍රදායික මධ්‍යම පන්තිය නෙවෙයි. මේ අලුත් ආකාරයේ මධ්‍යම පන්තියක්, අපි මේ මධ්‍යම පන්තිය හදුන්වන්නෙ අතථ්‍ය තාක්ෂණික මධ්‍යම පන්තිය ලෙසයි (Virtual Hippocratic middle class) අල්ලස, දූෂණය වැනි කාරනාවන්ට එරෙහි අලුත් අභිලාෂයන් සහිත මේ පන්තිය තමයි ඉහත අවස්ථා තුනේම රාජ්‍ය බලය වෙනස් කිරීම සදහා මූලිකත්වය ගත්තේ. මේ අලුත් මධ්‍යම පන්තියම තමයි ඊලග පාරත් රාජ්‍ය බලය කාටද දෙන්නේ කියල තීරණය කරන්නේ.

නීතිඥ ශිරාල් ලක්තිලක අනිද්දා කර්තෘ කේ.ඩබ් ජනරංජන සමග සිදු කළ සාකච්ඡාවකින් ඉහත කොටස උපුටා ගන්නා ලදී. අදාල සම්පුර්ණ වීඩියෝව පහත.

 

 

Social Sharing
නවතම පුවත්