
දිවයින පුරා බන්ධනාගාර 36ක රඳවා තැබිය හැක්කේ රැඳවියන් දසදහස් පන්සියයක් පමණ වුවත් ඊයේ (15දා) වනවිට එම බන්ධනාගාරවල තිස් හයදහස් හත්සිය විසිඅට දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබිය හැක්කේ රැඳවියන් 1400ක් වුවත් ඊයේ (15දා) වනවිට 3898ක් එහි රඳවා ඇතැයි ද මැගසින්හි රැඳවිය හැක්කේ 499ක් වුවත් 2958ක් රඳවා ඇතැයි ද කොළඹ රිමාන්ඩ්හි රැඳවිය හැක්කේ 328ක් වුවත් 2664 දෙනකු රඳවා ඇතැයි ද මහර 991ක් රැඳවිය හැකි වුවත් 3818ක් රඳවා ඇතැයි ද අඟුණුකොළපැලැස්සහි රැඳවිය හැක්කේ 1047ක් වුවත් 1898ක් රඳවා සිටින බවද දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල තත්ත්වය ද ඒ ආකාරයෙන්ම පවතින බවද බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පැවසීය.
වර්ග අඩි 05ත් 6 1/2ත් අතර සිරමැදිරියකට රැඳවියන් 01ත් 03ත් අතර රැඳවිය හැකි වුවත් එම සිරමැදිරියක රැඳවියන් 17 – 19 වැනි ප්‍රමාණයක් රැඳවීමට සිදුව ඇතැයි ද හෙතෙම කීය. සවස 5.00ට සිරගෙවල් වසා දැමීමෙන් පසු නැවත උදේ 6.00ට සිරගෙවල් විවෘත වනතෙක් රැඳී සිටීමට සිදුව ඇති බවත් රඳවා සිටින රැඳවියන්ගෙන් හරි අඩකටත් වඩා මත්කුඩු චෝදනාව යටතේ රඳවා සිටින බවත් හෙතෙම කීය.
හිටපු මැති ඇමැතිවරුන් රඳවා සිටින සිරිමැදිරිවල (වාට්ටුවලද) රැඳවීමට ඉඩකඩ ඇත්තේ 15ත් 20ත් අතර පිරිසක් වුවත් එහි ද 40ක පමණ පිරිසක් රඳවා තැබීමට සිදුව තිබේ. රජයේ රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා රැඳවියන් බන්ධනාගාරගත වී මාස 08ක් 10ක් හෝ ඊටත් වඩා කාලයක් සැකකරුවන් ලෙස රැඳවියන්ට සිටීමට සිදුව ඇති බවත් කී ඒ මහතා එම වාර්තා කඩිනමින් ලබාදිය හැකි නම් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ප්‍රමාණය අඩුකරගත හැකි බවද කීය.
චමින්ද සිල්වා – දිවයින
