චත්‍ර වීරමන් ගේ ‘ආයු’ හෙට සිට

චත්‍ර හොඳ සිනමා පරිකල්පනයකින් යුක්ත සිනමා කරුවෙක් බව ඔහුගේ පළවෙනි චිත්‍රපටය වන  ‘ආලෝකෝ උදපාදී’ තුළින්ම පිළිබිඹු වුණා. එහෙත් එය තිරගත වුණේ  ඉතිහාස කතා රැල්ලක්   මැද්දේ උන නිසා එය  විචාරක – ප්‍රේක්ෂක අවධානයෙන් ගිලිහී ගියා. ‘ආයු’ තිරගත වන්නේ අපේ සිනමාවට  එක්තරා විදිහකට  වසන්තය උදා වුන වසරකයි. විවිධ ශානරයේ   චිත්‍රපටි රැසක්  සාර්ථකව තිරගත වුනු අවධියක එලියට එන ‘ආයු’ ප්‍රේක්ෂක අවධානයට ලක්වන්න  අවශ්‍ය තරම් සිනමාත්මක ලක්ෂණ වලින් හෙබි  සිනමා කෘතියක්.

චිත්‍රපටයේ කුතුහලයට තුඩු දෙන කාරණා  එලියට දාන්න එපා කියලා ‘ආයු’  මංගල දර්ශනය වෙලාවේ  ශාලාවේ එකතුවෙලා හිටපු  අයගෙන්  චත්‍ර කාරුණික ඉල්ලීමක් කලා. ඒ නිසා මම  ඒ ගැන නොකියා ඉන්න  පරිස්සම් වෙනවා. එහෙත් මේ චිත්‍රපටයේ  කැමරාකරණය,  රංගනය,  නිෂ්පාදන සැලසුම්,  සංස්කරණය, වර්ණ සංයෝජනය සහ සංගීතය වෙනම තලයක තිබුණු බව  නොකියා බැහැ.

‘ආයු’ එක්ක විසඳගන්න ගැටලු, පැටලිලි සහගත තැන් ගොඩාක් තියෙනවා. ඒවා වෙන කාටත් විසදන්න බෑ. අධ්‍යක්ෂකගෙන් අහන එක තේරුමකුත් නැහැ.  මොකද අධ්‍යක්ෂක,  එයාට කියන්න ඕන දේවල්  එයාට කියන්න ඕන විදිහට තමයි චිත්‍රපටයේ කියල තියෙන්නෙ. චිත්‍රපටිය බලලම, තමන්ම විසඳගන්න ඕන.

මේ චිත්‍රපටියත් එක්ක අලුත් නිෂ්පාදකවරු දෙදෙනෙක් එළියට එනවා.  ඒ දයා රත්නායක සහ යසස් රත්නායක. හොඳ නිර්මාණයක් වෙනුවෙන් ආයෝජනය කළ ඒ දෙපළට ස්තූතියි.

අශෝක හදගම

Social Sharing
නවතම පුවත්