28 වසරකට පසුව, කතක් ඝාතණය කළාට තිදෙනෙකුට මරණ දඩුවම්,

1997 වසරේ මාර්තු 17 වැනි දින බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ගෙහිමි කාන්තාව තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමෙ සිද්ධියට අදාලව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශ කරමින් සිද්ධියට අදාල විත්තිකරුවන් 18 දෙනාගෙන් තිදෙනෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු විසින් මරණ දඩුවම ලබා දී තිබේ.

මෙහි දී තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් විනි­සු­රු­ව­රයා ප්‍රකාශ කොට සිටියේ මෙම සැක­ක­රු­වන් තිදෙ­නාට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් ගොනු­කොට තිබූ චෝදනා පහ­ටම ඔවුන් වර­ද­ක­රු­වන් වී ඇති බැවින් මෙම නියෝ­ගය සිදු කරන බවය.

මිය ගිය කාන්තාව පදිංචිව සිටි නිවසේ තරු­ණි­යක හා පැවති ප්‍රේම සම්බ­න්ධ­තා­වක් හේතු­ක­ර­ගෙන දෙපි­රි­සක් අතර ඇති වූ ගැටු­ම­ක් දුරදිග යාමෙන් අන­තු­රුව 25ක පමණ පිරි­සක් පැමිණ නිවසට පහරදී, එහි තිබු වාහනයක් ගිනි තබා චිත්‍රා ජය­සු­න්දර නමති එක් දරු මවගේ බෙල්ල තියුණු ආයු­ධ­ය­කින් කැපීම හේතුවෙන් ඇය මිය­ගොස් තිබිණ.

මෙම නඩුවේ මූලික විම­ර්ශන කට­යුතු ගම්පහ පොලී­සිය මඟින් සිදු­කොට ඇති අතර ගම්පහ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ මූලික නඩු විභා­ග­යෙන් අන­තු­රුව ගම්පහ මහා­ධි­ක­ර­ණය වෙත යොමු කොට තිබිණ. මෙහි දී අලු­ත්ග­මුව, බෝග­මුව ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ ව්‍යාපා­රි­ක­යකු හා ඔහුගේ ඥාති සොහො­යු­රන් දෙදෙ­නකු හට මරණ දඬු­වම නියම විය.

පුද්ග­ල­යන් 18 දෙන­කුට එරෙ­හිව ගම්පහ මහා­ධි­ක­ර­ණයේ විභාග වූ මෙම නඩු­වේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කළ ගම්පහ මහා­ධි­ක­රණ විනි­සුරු රශ්මි සිංග­පුළි මහතා එකී නඩුවේ පළමු වැනි, දෙවැනි හා දාසය වන විත්ති­ක­රු­වන්ට මරණ දඬු­වම නියම කොට අනෙ­කුත් සැක­ක­රු­වන් 13දෙනා නිදො­ස්‌කොට නිද­හස් කළේය. මෙම නඩුවේ සැක­ක­රු­වන් දෙදෙ­නකු නඩු විභා­ගය අත­ර­තුර දී මිය­ගොස් තිබුණි.

මෙම නඩු තීන්දුව ප්‍රකාශ කිරීම සදහා අධිකරණයට වසර 28ක් ගතවී තිබේ. ශ්‍රී ලංකාවේ පවතින බරපතල ගැටළුවක් වන යුක්තිය ප්‍රමාදය මෙම නඩුව තුළිනුත් විද්‍යාමාන වේ. මෙම නඩුවට අදාල විත්තිකරුවන් ගම්පහ මහාධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුව අභියෝගයට ලක්කළ හොත් තවත් වසර කිහිපයකින් මෙම නඩුව දිග්ගැසීමට නියමිතය.

 

Social Sharing
නවතම පුවත්