
ධනේශ්වරය තුල නොනැසී පැවතීම වෙනුවෙන් ජවිපෙ සාමාජිකයෙකුට (වාමාංශිකයෙක් වීමේ අර්ථයකින්) ධනය තිබීම ගැටළුවක් කරගත යුතු නැහැ කියන එක තමයි මගේ ස්ථාවරය උනේ. ඒ අදහස මම ලිව්වේ වසන්ත සමරසිංහ සහ වෙනත් ජවිපෙ අයගේ වත්කම් ප්‍රකාශ ගැන බුකියේ යන කතාබහ දැකල.
නමුත් ජවිපෙ හිටපු සාමාජික නන්දන ගුණතිලක මෙහෙම අදහසක් ගේනව. ඒ තමයි ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙකුට (full-timer) එහෙම ව්‍යාපාරික වැඩකරන්න වෙලාවක් තිබ්බේ නැහැ කියන එක. සහ පූර්ණකාලීන කියන එකේ තේරුමම එයා පූර්ණ වශයෙන් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපවෙලා ඉන්න ඕනි කියන එක සහ ඒ වෙනුවෙන් පක්ෂය ඔහුව හෝ ඇයව බලාකියා ගන්නවා කියන එක. මේ අදහස ඇත්තක් නම් මේ ධනය ඉපයීම කියන කරුණ පරස්පර වෙනවා. අම්ම තාත්තාගෙන් හෝ පරම්පරාවෙන් හෝ තෑගි වශයෙන් එන දෙයක් හැරුනම අනික් ඉපයීම් වෙනුවෙන් වෙලාවක් තිබ්බද කියන ප්‍රශ්නේ මෙතන පැනනගිනවා.
ඒක පක්ෂ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. න්‍යායික අනන්‍යතාව ගැන ගැටළුවක්ද වෙනවා.
වෙන කිසි දෙයක් හම්බකරන්නේ නැතුව වරෙක පක්ෂ සංස්කෘතියෙන් නඩත්තු වෙලා පසුව මන්ත්‍රී විශ්‍රාම වැටුප විතරක් තියනවා කියන නන්දන ‘විශ්‍රාම වැටුප නැති උනොත් තනියම යන්නේ නැහැ’ කියන්නේ මේ පූර්ණ කාලීන කේන්තිය එක්ක වෙන්න පුළුවන්. මම හැමදේම දන්නේ නැහැ.
මම කියන්නේ ධනය ඉපයීම් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒ ධනය මිනිස් සූරාකෑම සඳහා පාවිච්චි නොකළ යුතුය කියන කතාවෙන් පමණක් ඒක සාධාරණීකරණය කරන්න බැහැ කියන එක. මොකද ‘ධනය ඉපයීම’ කියන එකත් ධනේශ්වර ලෝකයක අහිංසක දෙයක් නෙවෙයි. මොකද ඒක සම්බන්ද වෙනවා ධනය ගොඩගසාගැනීම එක්ක (මේ පේන්නේ ඒක). මොකද ‘ධනය ගොඩගසා ගැනීමම’ (accumulation) මාක්ස් කියන විදියට ප්‍රශ්නකාරී වෙනවා (නෛසර්ගික වරදක් නොවුණත්). මොකද ධනය එකතුකරගැනීම ඇතුලෙම එය ලාභය සඳහා යොමුකරවනවා (Marx, Karl, Capital, Vol.1, Section 1). මේක තමයි ධනේශ්වර ක්‍රමයක මූලික ප්‍රශ්නය වෙන්නෙත්. වම මෙයින් වෙනස් වෙන්නෙත්.
AI වගේ යුගයක ශ්‍රමිකයින් නැත්තටම නැතිකරලා ලාබ හොයන්න මේක පාවිච්චිකරන්න පුළුවන්. එකතුකර ගත් ධනය ආයෝජනය කළා කියන්නෙම ඒක ලාභය සඳහා යොමුකළා කියන එක.
මේ තත්වය එක්ක ජවිපෙට තියන විසඳුම තමයි කේන්ද්‍රීය වශයෙන් වමේ උරුමයෙන් කැඩෙන එක. සහ නව ධනේශ්වර පක්ෂයක් ලෙස නැවත ප්‍රති-අර්ථකතනය කරගන්නා එක. දැනටත් ඒ පාරේ සෑහෙන දුරක් ඇවිත් තියන එකේ….
පක්ෂේ ඔක්කොම පූර්ණකාලීන එකෙන් කඩල අර්ධකාලීන කරලත් මේක කරන්න පුළුවන් වෙයි. හැබැයි කොහොමත් මාක්ස් එක්ක මේක කරන්න බැරි වෙයි.
මේ තත්වය ගැන මට වැඩිය දන්නා අය කොමෙන්ට් කරන්න.
