ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ ඖෂධ සමාගම් හිමිකරුගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා විසින් ගොනු කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

අද දින එම නඩුව කැඳවා ඇති අතර එම අවස්ථාවේදී, ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ සඳහන් කර ඇත්තේ මෙම සැකකරුට එරෙහිව මේ වන විට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා ඇති බවයි.

මෙම සැකකරුට එරෙහිව තවදුරටත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් නොපවතින බවට කරුණු අනාවරණය වන බැවින්, තම අධිකරණයට ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය නොහැකි බවත්, එම ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරිය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ.

Social Sharing
අවකාශය නවතම