
ඉකුත් දා අයිතිය විසින් අනාවරණය කෙරුණු තියඹරාහේන කුඹුරු ගැටලුව සඳහා මානව හිමිකම් කොමිසම් සභාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව තියඹරා හෙන කුඹුරු වලට පිවිසීමට ඇති මාර්ගය තනි පුද්ගලයෙක් විසින් වසා දැමීමේ ගැටලුව පිළිබඳව මානව හිමිකම් කොමිසම් සභාව විසින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, බුලත්කෝපිටිය පොලිසිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන වල වාර්තා කැඳවා ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අදාල ආයතනවල නිලධාරීන් අයිතිය වෙබ් අඩවියේ පළවූ වීඩියෝව නැරඹීමෙන් අනතුරුව ගොවිජන සේවා නිලධාරිවරයා මෙහි මාර්ගයක් තිබෙන බව නිරීක්ෂණවලින් පෙනීයන බවත් පිළිගෙන ඇති බවට වාර්තා වේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව ග්‍රාම නිලධාරිතුමා හා සංවර්ධන නිලධාරිතුමිය නිරීක්ෂණයක් කරමින් වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත ලබාදී තිබෙන බවට කෑගල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සම්බන්ධීකාරක පවසා සිටියි. ඉන් අනතුරුව වීඩියෝවේ පෙනී සිටිමින් සිය අදහස් ප්‍රකාශ කර සිටින විශ්‍රාමලත් ග්‍රාම නිලධාරිතුමාගේ ලිපියේ පිටපතක්ද ලබාගෙන ඇති බවට වාර්තා වේ. මේ ආකාරයට මෙම මාර්ගය සම්බන්ධයෙන් නිලධාරීන්ගේ මැදිහත් වීම් සිදු කරන අතරතුර මාර්ගය වැසූ තනි පුද්ගලයා ගල් ඒදණ්ඩ අසළින් කෙසෙල් පැළ සිටුවා තවත් මාර්ගය අවහිර කිරීමට සූදානම් වී ඇති බවට වාර්තා වේ.

මාර්ග අවහිර කර ඇති අයුරු
මෙම තියඹරාහේන කුඹුරු සඳහා යාමට ඇති මාර්ගය අවහිර කිරීම තුළින් කුඹුරු අක්කර 18ක් පුරන් වී ඇති බවට වාර්තා වේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් අප විසින් සිදුකළ වීඩීයෝව පහතින්,
