විදේස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා එන මුදල් 50% කින් අඩු වෙයි.

විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ 50% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා ඇත.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් ලෙස  විදෙස්ගත සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබි ඇති අතර 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 353 ක් දක්වා එය අඩුවී ඇත.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ සමුච්ඡිත පදනම මත, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,577 ක් දක්වා සියයට 9.3කින් අඩුවී ඇති බවය.

පසුගිය කාලය තුළදී රැකියා සඳහා විදෙස්ගත වූ ගණන 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 12,274 ක් දක්වා සියයට 38.6කින් වර්ධනය වී තිබුණ බවද මහ බැංකු නිවේදනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම