මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක් සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි වෙත මාර්තු 01 සදුදා ලිපියක් යොමු කරමින් එම අනතුරු ඇගවීම කර ඇත්තේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ සහ සභාපති චමින්ද නිලන්තගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවක…
Read MoreTag: trade union rights in sri lanka
රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ ආණ්ඩුවයි – දුම්රිය වෘත්තිය සමිතියකින් හෙළිදරව්වක්!
මහවදී ප්‍රීමා පිටි රැගත් දුම්රියක් රියදුරෙකු නොමැතිව නවතා තිබු පුවතක් පහුගියදා පුවත්පත් වල පළ කර තිබුණි. එහිදී කියවුනේ මෙම පිටි රැගත් දුම්රිය ගෙන යාමට සිටි දුම්රිය රියදුරු නිලාවේලිහී පැවති සාදයකට ගොස් නැවත ඒමට පමා වු බවය. නමුත් පසු දිනම දුම්රිය දෙපාර්තමේන්තුව ඒ පුවත නිවැරදි කරමින් පවසා තිබුණේ මේ නිසා කිසිදු දුම්රියක් ප්‍රමාද නොවු බවය. මේ අතර පහුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි වූ තවත් කරුණක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්‍රධාන වී ඇත්තේ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය නොවීම නිසා බවය. නමුත් මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. මීට පෙර දුම්රියෙන් විශාල වශයෙන්…
Read Moreකොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි
ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ. රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක ප්‍රතිශතයකට කෙටි කාලයක් තුලදී එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය බැව් පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් පළමු වටයේදී මෙරට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය ලබා දිය හැක්කේ දෙලක්ෂ පනස් දහසක් දෙනාට පමණක් බවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් පසුගියදා මෙරටට ගෙන්වා තිබුනි.…
Read Moreවතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…
Read Moreබියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!
බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…
Read More