සභාපතිවරු පෝලිමේ ඉවත්වෙයි!

රාජ්‍ය ආයතන දෙකක සභාපතිවරුන් දෙදෙනෙක් තම ධුරවලින් ඉවත්ව යන බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් ප්‍රකාශ කර ඇත.

මීට අමතරව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා ද තම තනතුරෙන් ඉවත්ව යන බව දන්වා ඇත. මේ ඉවත්ව යෑම් පිළිබඳව කරුණු දක්වන එම ආයතනවල ප්‍රබලයන් ප්‍රකාශ කරන්නේ වර්තමාන ආර්ථික සහ කෘෂිකාර්මික අර්බූදය තුළ වර්තමාන ආණ්ඩුව සමග කටයුතු කිරීම බොහෝසෙයින් දුෂ්කරවී ඇති බවයි.

Social Sharing
නවතම